අර්ජුන සහ ධම්මික රණතුංග සොයුරන්ට මහාධිකරණයෙන් අධි චෝදනා

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් මිලියන 800කට ආසන්න අතිවිශාල පාඩුවක් සිදුකිරීමේ සිද්ධියකට අදාළව හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග සහ ධම්මික රණතුංග යන මහත්වරුන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කළ බව අල්ලස් කොමිසම අද (22) දැනුම් දුන්නා. ඉහළ මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් මඟින් ඛනිජ තෙල් මිලදී ගැනීම හරහා රජයට රුපියල් මිලියන 800කට ආසන්න මුදලක් […]

බංග්ලාදේශයෙන් ICC ට තද තීරණයක්

එළඹෙන පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ඉන්දියාවට යාම ප්‍රතික්ෂේප කර සිටින බංග්ලාදේශය, සිය තරග ශ්‍රී ලංකාවේ පවත්වන ලෙස කළ ඉල්ලීමෙහි තවදුරටත් දැඩිව සිටින බවට තොරතුරු වාර්තා වේ. ඒ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) මඟින් පැනවූ පැය 24ක කාලසීමාව අවසන් වුවද බංග්ලාදේශය සිය තීරණය වෙනස් කර නොමැත. එනිසා ඔවුන්ට මෙවර ලෝක කුසලානය අහිමි වීමේ දැඩි […]

“අපිට ගැහුවොත් අපිත් පෙරලා ගහනවා.. ජාතික ඇඳුම ඇඳලා හිටියත්, සිවුරු ඇඳලා හිටියත් අපි ගහනවා..”

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රමුඛ සාමාජිකයෙකු වන ලාල් කාන්ත මහතා මෑත සම්මන්ත්‍රණයකදී දැඩි භාෂාවකින් ප්‍රකාශ කළේ, තමන්ට හෝ තම පක්ෂයට පහරක් (හෝ විවේචනයක්) එල්ල වුවහොත් ප්‍රතිපහර දෙන බවයි. “අපිට ගැහුවොත් අපිත් පෙරලා ගහනවා. ජාතික ඇඳුම ඇඳලා හිටියත්, සිවුරු ඇඳලා හිටියත් අපි ගහනවා. ෆවුල් සොට් ගහනවා කියලා අපිට කියන්න එපා. ලෙනින්ට අනුව ඒක අපිට අදාළ නැහැ” යනුවෙන් […]

පාඨලීගේ රිය අනතුර ගැන අභියාචනාධිකරණය දුන් නියෝගය

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව ගොනු කර ඇති අධිචෝදනා ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා ඔහු විසින් ඉදිරිපත් කළ පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද (22) තීරණය කර තිබෙනවා. 2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ තමාට එරෙහිව ගොනු කර ඇති අධිචෝදනා බලශුන්‍ය කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය […]

ත්‍රිකුණාමලය බුදුපිළිමය සිද්ධියේ පෙත්සම්වල නියෝගයට දින දෙයි

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් පූජ්‍ය බලංගොඩ කස්සප හිමි සහ ත්‍රිකුණාමලයේ කළ්‍යාණවංශතිස්ස හිමියන් රිමාන්ඩ් භාරයට පත් කළ මහේස්ත්‍රාත් අධිකරණ නියෝගය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම්වල නියෝගය මේ මස 30 වැනිදා ප්‍රකාශ කිරීමට අභියාචනාධිකරණය අද තීරණය කළා. ඒ අදාල පෙත්සම් අභියාචනාධිකරණ විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ සලකා […]

හෙට සිට රට පුරා වෛද්‍ය වර්ජනයක්

නිදහස් සෞඛ්‍ය සේවාව සුරැකීම සහ වෛද්‍යවරුන් මුහුණ දෙන ගැටලු විසඳීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදුන් පොරොන්දු ඉටු නොකිරීමට එරෙහිව හෙට (23) උදෑසන 8.00 සිට දිවයින පුරා රෝහල්වල පැය 48ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනය කරනවා. මෙම සංකේත වැඩ වර්ජනය රජය ලබාදුන් එකඟතාවන් ක්‍රියාත්මක කිරීමට අසමත් වීමට එරෙහිව දියත් කරන අඛණ්ඩ වෘත්තීය […]

“බුදු සසුනට ඇති ප්‍රමුඛතාව නොසලකා හැරීම ව්‍යවස්ථාවට කරන හානියක්..”

බුදු සසුනට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබාදී ඇති ප්‍රමුඛතාව නොසලකා හැරීම රටේ උත්තරීතර නීතියට සිදුකරන හානියක් බව හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඔහු මේ බව පැවසුවේ පූජ්‍ය පැලවත්තේ චන්දිම ස්වාමින් වහන්සේට සංඝනායක පදවිය පිරිනැමූ නෙළුව ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින්. 1972 ව්‍යවස්ථාව සකස්කරන අවස්ථාවේ ජේ.ආර් ජයවර්ධන මැතිතුමා එවකට විපක්ෂ නායක හැටියට බුද්ධාගම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කරන්න කියලා […]

ගලහා පාෂාණයේ වටිනාකම ගැන අධිකාරියෙන් නිවේදනයක්

මහනුවර, ගලහා, දෙල්තොටවත්ත ප්‍රදේශයෙන් සොයාගත් පාෂාණයට ඉහළ වාණිජ හෝ වෙළෙඳ වටිනාකමක් නොමැති බව ජාතික මැණික් සහ ස්වාර්ණාභරණ අධිකාරිය දැනුම් දී තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම අධිකාරිය පවසා ඇත්තේ, පර්වතයේ ධාරක පර්වතයක් තුළ  “Labradorite” ලැබ්‍රඩෝරයිට් නම් ඛනිජය කුඩා ප්‍රමාණයක් තැන්පත් වී ඇති බවය. ලැබ්‍රඩෝරයිට් ඛනිජය අර්ධ වශයෙන් වටිනාකමක් උසුලන මැණික් පාෂාණයක් ලෙස වර්ගීකරණය කර ඇති බව […]