එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය නිමිත්තෙන් අප්‍රේල් 13 සහ 14 යන දෙදින තුළ දිවයින පුරා පිහිටි සියලුම සුරාසල් වසා තැබීමට තීරණය කර ඇති බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.බී.එන්.ඒ. පේමරත්න පවසනවා.
රජයේ අනුමැතිය ඇතිව ක්‍රියාත්මක මෙම නියෝගය අනුව, මත්පැන් අලෙවිය සඳහා බලපත්‍ර ලබාගෙන ඇති පහත සඳහන් සියලුම ස්ථාන අදාළ දින දෙකේදී වසා තැබිය යුතුයි.
රටබීම හල්, සුරාසල්, හෝටල් හා ආපනශාලා (මත්පැන් අලෙවි කරන), කැරෝකි ආපනශාලා කිසියම් බලපත්‍රලාභියෙකු මෙම නියෝගය උල්ලංඝනය කරමින් අලුත් අවුරුදු දිනවල මත්පැන් අලෙවි කළහොත්, ඔවුන්ට එරෙහිව සුරාබදු නීතිය යටතේ දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවද කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන්කර සිටියේ.



