අලුත් අවුරුද්දට දින දෙකක් මත්පැන් අලෙවිසල් වැසෙයි

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය නිමිත්තෙන් අප්‍රේල් 13 සහ 14 යන දෙදින තුළ දිවයින පුරා පිහිටි සියලුම සුරාසල් වසා තැබීමට තීරණය කර ඇති බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.බී.එන්.ඒ. පේමරත්න පවසනවා. රජයේ අනුමැතිය ඇතිව ක්‍රියාත්මක මෙම නියෝගය අනුව, මත්පැන් අලෙවිය සඳහා බලපත්‍ර ලබාගෙන ඇති පහත සඳහන් සියලුම ස්ථාන අදාළ දින දෙකේදී වසා තැබිය යුතුයි. […]
පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළට හානි කළොත් වැඩ වරදියි

පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ පොදු දේපළවලට අලාභ හානි සිදුකරන පුද්ගලයින්ට සහ කල්ලිවලට එරෙහිව තරාතිරම නොබලා දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා අවධාරණය කරයි. අද (10) පෙරවරුවේ මධ්‍යම බස් නැවතුම්පොළේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. නැවතුම්පොළ පරිශ්‍රයේ සිදුවන ඇතැම් අලාභ හානි හුදකලා සිදුවීම් […]
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් යළි රිමාන්ඩ්

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් කමල් අමරසිංහ එළැඹෙන අප්‍රේල් 20 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කුරුණෑගල පිලස්ස මහේස්ත්‍රාත් අධිකරණය අද (10) නියෝග කර තිබේ. වාහන ලියාපදිංචි කිරීමේදී සිදුවූ බව කියන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් පසුගිය මාර්තු 27 වනදා මොහුව අත්අඩංගුවට ගනු ලැබීය. කැබ් රථයක චැසි අංක වෙනස් කර වංචනික ලෙස […]
“ගල් අගුරු වංචාවලට පූර්ණ බලැති පරීක්ෂණ කමිටුවක් පත් කරලා නඩු දානවා..”

මෙතෙක් කාලයක් ගල් අගුරු ගෙන ආ සියලු නැව් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පුර්ණ බලැති පරීක්ෂණ කමිටුවක් පත් කරන බව ගල් අගුරු විවාදයට සහභාගී වෙමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසීය. ඒ මත පදනම්ව නඩු පැවරීමට කටයුතු කරන බව ඔහු කීය. ඔහු ප්‍රකාශ කළේ මෙතෙක් ගල් අගුරු නැව් 462ක් ලංකාවට පැමිණ තිබෙන බවයි. එලෙස ගල් අගුරු ආනයනයේදී සිදු වූ […]
ගල් අඟුරුවලින් කෝප් කමිටුවත් රත් වෙයි

බාල ගල් අඟුරු සම්බන්ධයෙන් විමර්ශනය කෙරුණු පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා(කෝප් කමිටුව)රැස්වීම ඊයේ(09) දින උණුසුම් වාද විවාද මධ්‍යයේ පැවති බව පාර්ලිමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තාවනවා. ඊයේ සවස 2.00සිට රාත්‍රී 8.30දක්වා පැය 6 1/2ක කාලයක් කෝප් කමිටුව රැස්වී තිබෙනවා. කෝප් කමිටුව රැස්වූයේ එහි සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීරගේ ප්‍රධානත්වයෙන්. බාල ගල් අඟුරු ආනයනයේදී නොදැනුවත්ව වරදක් සිදුවී […]
ජයකොඩිව එළවන්න සජිත් පාර්ලිමේන්තු වටරවුමේ හිටගනී

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට වහාම ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බල කරමින් විපක්ෂ නායකවරයා ඇතුළු සමගි ජන බලවේගයේමන්ත්‍රීවරුන් පිරිසක් මේ වන විට පොල්දූව මංසන්ධියේ පාර්ලිමේන්තු පිවිසුම අසල දැවැන්ත විරෝධතාවයක නිරත වනවා. විරෝධතාව හේතුවෙන් බත්තරමුල්ල, ශ්‍රී ජයවර්ධනපුර සහ පොල්දූව මංසන්ධිය අවට දැඩි වාහන තදබදයක් හටගෙන ඇති අතර, පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය තාවකාලිකව අවහිර වී පවතිනවා. මේ […]
පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුන් දෙපිරිසක් අතර ගැටුමකින් සිසුවෙකු මරුට

හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේ හෝටලයක දී පුද්ගලික විශ්වවිද්‍යාලයක සිසුන් පිරිසක් අතර ඊයේ(09) රාත්‍රියේ සිදු වූ ගැටුමකින් විශ්වවිද්‍යාල සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා. පොලීසිය පැවසුවේ අදාළ සිදු වීම සම්බනඳයෙන් සැකකරුවන් 5 දෙනෙකු මේ වන විට පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බවයි. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 19ක් වූ නිකදළුපොත වැල්ලව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ. […]
බලශක්ති ඇමතිට එරෙහි විශ්වාසභංග විවාදය අද

බාල ගල්අඟුරු මෙරටට ගෙන්වීමේ සිද්ධිය මුල්කරගනිමින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහි විශ්වාසභංග යෝජනාව අද (10) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනෙනවා. බාල ගල්අඟුරු මෙරටට ගෙන්වීමේ සිද්ධිය මුල්කරගනිමින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව ඉකුත් මාර්තු 18 වැනිදා විපක්ෂය නියෝජනය කරන පක්ෂ විසින් විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළා. බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි නොරොච්චෝල ලක්විජය ගල්අඟුරු බලාගාරය සඳහා ප්‍රමාණවත් හා ගුණාත්මක ගල්අඟුරු […]