අවුරුද්දට ගමට යන්න අද සිට විශේෂ බස් සේවා

අලු‍ත් අවුරුද්ද නිමිත්තෙන් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් අද (08) සිට ලබන 20 වැනිදා දක්වා විශේෂ ප්‍රවාහන සැලැස්ම ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.

මේ යටතේ දෛනිකව අතිරේක ගමන් වාර 800 බැගින් යෙදවීමටයි පියවර ගෙන ඇත්තේ.

මීට අමතරව, අධිවේගී මාර්ග ආශ්‍රීතවද ශ්‍රී ලංගම විශේෂ අවුරුදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක අතර, එහිදී ගාල්ල සහ මාතර යන ගමනාන්ත වෙත ප්‍රමුඛස්ථානය ලබාදී තිබෙනවා.

එසේම, මීට සමගාමීව දුම්රිය දෙපාර්තමේන්තුව මගින් ද හෙට සිට අලුත් අවුරුදු විශේෂ ප්‍රවාහන සේවා ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා.

එහිදී මගී අවශ්‍යතා අනුව දුම්රිය ධාවනයට සැලසුම් සකස් කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී රවීන්ද්‍ර පද්මප්‍රිය ප්‍රකාශ කළේ.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *