ජේසු බිළිඳාණන්ගේ උත්පත්තිය සිහි කෙරෙන අසිරිමත් නත්තල අද (24) මධ්යම රාත්රියේදී උදා වනවා.
මේ අතර මෙවර නත්තල් ප්රධාන දේව මෙහෙය උස්වැටකෙයියාව ශාන්ත මරියා දේවස්ථානයේදී අද මධ්යම රාත්රියේ පැවැත්වීමට නියමිතයි.
ඒ කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්රධානත්වයෙන්.
එමෙන්ම නත්තල් උත්සවය සහ නව වසරේ උදාව වෙනුවෙන් පොලිසිය විශේෂ ආරක්ෂක සහ රථ වාහන වැඩපිළිවෙළක් ක්රියාත්මක කර තිබෙනවා.
පොලිස් මාධ්ය කොට්ඨාසය සඳහන් කළේ, නත්තල් දින දිවයිනේ සෑම කතෝලික දේවස්ථානයකම දේව මෙහෙය පැවැත්වෙන බැවින් ආගමික නායකයින්ගේ මෙන්ම බැතිමතුන්ගේ ද ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගෙන ඇති බවයි.
එමෙන්ම, මූල්ය ආයතන, කඩසාප්පු ඇතුලු ජනතාව ගැවසෙන ස්ථානවල විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්රියාත්මක අතර බුද්ධි නිලධාරීන් මෙන්ම, සිවිල් ඇදුමින් සැරසුණු පොලිස් නිලධාරීන් ද ඒ සදහා සහය ලබා දෙනු ඇති.
මේ අතර නත්තල් උත්සවය නිමිත්තෙන්, කොළඹ නගරය සහ ගාලු මුවදොර ආශ්රිතව විශේෂ රථවාහන සැලැස්මක් ද ක්රියාත්මක කිරීමට නියමිත බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.



