පොලිසිය ඇතුලෙම පත්තු වුණ වෙඩිල්ල

අද (24) පස්වරුවේ අම්බලන්ගොඩ පොලීසියේදී වැරදීමකින් ගිනි අවියක් ක්රියාත්මක වී පොලිස් නිලධාරියෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබේ. රාජකාරියට වාර්තා කිරීම සඳහා පැමිණි කොස්තාපල්වරයෙක් මෙලෙස තුවාල ලබා ඇති අතර මෙම කොස්තාපල්වරයා රාජකාරියට වාර්තා කිරීමෙන් පසුව සිය ගිනිඅවිය පරීක්ෂා කරමින් සිටියදී හදිසියේම ගිනිඅවිය ක්රියාත්මක වී ඇත. එහිදී ඔහුගේම එක් කකුලකට වෙඩි වැදී ඇති අතර පසුව පොලීසියේ මෝටර් […]
සෞඛ්ය ඇමති නලින්දට එරෙහිව විශ්වාසභංගයක්

ප්රමිතියෙන් තොර බාල එන්නත් ලබාදීමෙන් රෝගීන් මියයාමට හේතුව සඳහන් කරමින් වර්තමාන සෞඛ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට සමගි ජන බලවේගය ප්රමුඛ විරුද්ධ පක්ෂය ඉදිරියේදී ක්රියා කරන බව එම පක්ෂයේ හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ අද (24)ප්රකාශ කළා. ඔහු මේ බව සඳහන් කළේ කොළඹ විපක්ෂ නයක කාර්යාලයේ පැවති මාධ්ය හමුවකදී. […]
මහින්දගෙන් සුනිල් වටගල බිලියන 10ක වන්දි ඉල්ලයි

මහජන ආරක්ෂක නියෝජ්ය අමාත්ය සුනිල් වටගල, ශ්රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) ක්රියාකාරික මහින්ද පතිරණට එරෙහිව රුපියල් බිලියන 10 ක වන්දියක් ඉල්ලා කඩුවෙල දිස්ත්රික් අධිකරණයේ අපහාස නඩුවක් ගොනු කර තිබේ. පතිරණ විසින් කරන ලද අසත්ය හා අපහාසාත්මක ප්රකාශ මගින් වටගලගේ කීර්ති නාමයට බරපතල හානියක් සිදු වූ බවට නඩුවේ චෝදනා එල්ල වේ. පැමිණිල්ලට අනුව, නියෝජ්ය අමාත්යවරයා කියා […]
“විගණකාධිපතිවරයෙකු නොමැතිව ‘Rebuilding Sri Lanka Fund’ විගණනය කරන්නේ කොහොමද ?”

පශ්චාත් ආපදා තත්ත්වයක් පවතින මෙවන් මොහොතක, රටේ ඉහළම මූල්ය විමර්ශන නිලධාරියා වන විගණකාධිපතිවරයෙකු නොමැති වීම දැඩි අවදානම් සහගත බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ (COPF) සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි. මේ සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමු කරමින් ඔහු අවධාරණය කරන්නේ, රජය විසින් පිහිටුවා ඇති ‘නැවත ශ්රී ලංකාව ගොඩනැගීමේ අරමුදල’ (Rebuilding Sri […]
අර්ච්චුනාට ඇප

අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්රී රාමනාදන් අර්ච්චුනා මහතා ඇප මත නිදහස් කර තිබේ. රාමනාදන් අර්ච්චුනා මහතා අද (24) දහවල් කොටුව පොලීසියට පැමිණ භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගනු ලැබීය. ඒ නඩුවකට අදාළව අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් කොටුව මහෙස්ත්රාත් අධිකරණය විසින් වරෙන්තු නිතුත් කර තිබීමෙන් පසුවය.
“ප්රමෝද්ය බොරු කිව්වේ, පැතුම්ව ගන්නවාට මම විරුද්ධ වුණේ නෑ..”

2021 වසරේ කැරිබියානු තරග සංචාරයට පැතුම් නිශ්ශංක ඇතුළත් කිරීමට, එවක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු මිකී ආතර් අකමැති වූ බව, ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ වත්මන් තේරීම් කමිටු ප්රධානී ප්රමෝද්ය වික්රමසිංහ කළ ප්රකාශය මිකී ආතර් විසින් ප්රතික්ෂේප කර තිබෙනවා. ඒෂියා ස්පෝර්ට්ස් සමග පැවති සම්මුඛ සාකච්ඡාවක දී ආතර් සඳහන් කර තිබුණේ, “පැතුම්ගේ සාර්ථකත්වයට මට කිසිදු ගෞරවයක් […]
අපහාස කළැයි සමන්තභද්ර හිමි නඩු මගට

අන්තර්ජාලය හරහා යූ ටියුබ් සමාජ මාධ්ය මගින් ප්රසිද්ධ කර බෙදාහරින ලද වැඩසටහනකින් තමන්ට සෘජුවම අපහාසයක් වී ඇති බැවින් ඒ සඳහා වෙන් වෙන් වශයෙන් රුපියල් මිලියන 500ක වන්දි මුදලක් ඉල්ලා පූජ්ය පිටිදූවේ සිරිධම්ම හිමි සමාජ මාධ්ය ක්රියාකාරී සුදත්ත තිලකසිරි සහ පූජ්ය රාජාංගනයේ සද්ධාරතන හිමියන්ට එරෙහිව එන්තරවාසි ඉදිරිපත් කර තිබෙනවා. මෙම එන්තරවාසිය ලැබී දින 14ක් ඇතුළත අදාළ […]
මොහුව දැක්කොත් වහාම පොලිසියට කියන්න

පොලිස් මත්ද්රව්ය කාර්යාංශය මගින් ගෙන යනු ලබන විමර්ශනයකට අදාළව මත්ද්රව්ය ජාවාරමකට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය පතයි. සැකකරුගේ නම ලොස් පටබැඳිගේ සඳුන් ටෙලාන් වන අතර අංක 56/b20 මාහේන , කපුගම බටහිර දෙව්නුවර ප්රදේශයේ පදිංචිකරුවෙක් බව වාර්තා වේ. මොහු පිළිබඳ තොරතුරු දැනගතහොත් පහත දුරකථන අංකයට දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි. අධ්යක්ෂ / […]
අසිරිමත් නත්තල අද මැදියම් රැයෙන් උදාවෙයි

ජේසු බිළිඳාණන්ගේ උත්පත්තිය සිහි කෙරෙන අසිරිමත් නත්තල අද (24) මධ්යම රාත්රියේදී උදා වනවා. මේ අතර මෙවර නත්තල් ප්රධාන දේව මෙහෙය උස්වැටකෙයියාව ශාන්ත මරියා දේවස්ථානයේදී අද මධ්යම රාත්රියේ පැවැත්වීමට නියමිතයි. ඒ කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්රධානත්වයෙන්. එමෙන්ම නත්තල් උත්සවය සහ නව වසරේ උදාව වෙනුවෙන් පොලිසිය විශේෂ ආරක්ෂක සහ රථ වාහන වැඩපිළිවෙළක් ක්රියාත්මක කර […]
කොළඹ මහ නගර සභාවේ මොකද වුණේ.. ?

කොළඹ මහ නගර සභාව තුළ පරාජය කර තිබුණේ ජාතික ජනබලවේගයේ අයවැය නොව ඔබගේ හෘද සාක්ෂියේ අයවැය යැයි ජාතික ජනබලවේගය පක්ෂයේ නගරාධිපතිනි ව්රායි කැලී බල්තසාර් මහත්මිය පෙරේදා (22දා) පැවසුවාය. ඇය එම අදහස් පළ කළේ ජාතික ජනබලවේගය පක්ෂයේ නගරාධිපතිනිය ලෙස කොළඹ මහ නගර සභාව සඳහා 2026 වර්ෂයට අදාළව ඉදිරිපත් කළ අයවැය වාර්තාව සභාව තුළදී පරාජයට පත්වීමෙන් අනතුරුවය. […]