“ආකිමිඩිස්ගේ ගෑනිත් මීට වඩා හොඳයි” – විපක්ෂයට කවියෙන්ම දෙසපු නියෝජ්‍ය ඇමති

වර්තමාන විපක්ෂයේ හැසිරීම, සුප්‍රකට ග්‍රීක ගණිතඥ ආකිමිඩිස්ගේ බිරිඳගේ ක්‍රියාකලාපයට සමාන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා අද (10) පාර්ලිමේන්තුවේදී පැවසීය.

අයවැය විවාදයට එක්වෙමින් අදහස් දැක්වූ ඒ මහතා, “ආකිමිඩිස් සියදිවි නසාගනී” නම් ජනප්‍රිය කවි පන්තියක් උපුටා දක්වමින් විපක්ෂයේ ක්‍රියාකලාපය උපහාසාත්මකව විග්‍රහ කළේය.

“යුරේකා!” යැයි පවසමින් ආකිමිඩිස් නිරුවතින් දිව යෑම ඔහුගේ බිරිඳ වරදවා වටහාගත් ආකාරය එම කවියෙන් නිරූපණය වන බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, කවියේ කොටසක් සභා ගර්භයට ඉදිරිපත් කළේය.

“ඊයේ මහ දවල් 2ට.. මම ගෙදර නැතිවුණු ටිකට.. කියාපන් පාර දිගේ.. හෙළුවෙන් දිව්වේ කව්ද.. විළිලැජ්ජාවේ බෑ මිනිහෝ.. පිස්සු හැදිලද උඹට.. ඒවායින් කාරි නෑ.. ඇත්ත කියපන් මට.. යුරේකා කියන්නේ කොයි සක්කරවට්ටමේ නමද..”

මෙම කවිය උපුටා දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, “ආණ්ඩුව රටේ සංවර්ධනය සහ ආර්ථික ප්‍රගතිය පිළිබඳව කොතරම් සංඛ්‍යා ලේඛන සහ දර්ශක ඉදිරිපත් කළත්, විපක්ෂය ඒ සියල්ල නොසලකා හරිමින්, ආකිමිඩිස්ගේ බිරිඳ මෙන්, අදාළම නැති ප්‍රශ්න නගමින් සිටිනවා.

ඇත්තටම, වෙලාවකට හිතෙනවා ආකිමිඩිස්ගේ ගෑනිත් මීට වඩා හොඳයි කියලා,” යනුවෙනි.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *