ආණ්ඩුවේ මඩ බලකායක් ගැන මුජිබර් ජනපතිට කියයි

ජනාධිපතිතුමනි විරුද්ධ පක්ෂයට මඩ ගැසීම සඳහා ආණ්ඩුව facebook account යොදා ගනිමින් පවත්වාගෙන යන මඩ බලකායට වැටුප් සහ අනෙකුත් පහසුකම් සැපයීමේ දී ඔවුන් බාරගත් වැඩේ නිසි ලෙස ඉටු කරනවාද යන්න පිළිබඳව සොයා බලා අදාළ පහසුකම් සපයන ලෙස  පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි.

පොදු රාජ්‍ය මණ්ඩල පාර්ලිමේන්තු සැසි වාරයට සහභාගී වීම සඳහා විදේශගතව සිටින මුජිබර් රහුමාන් මහතා අද (16) අලුයම 02 ට පමණ වීඩියෝ හඩ පටයක් නිකුත් කරමින් ඔහු මෙම ඉල්ලීම කර තිබේ.

එම හඬ පටය ඔස්සේ රහුමාන් මහතා තවදුරටත් පෙන්වා දෙන්නේ තමන් රටේ නැති අවස්ථාවක තමන් විසින් ප්‍රකාශ කළේ යැයි කියන අසත්‍ය පුවතක් නිර්මාණය කර ආණ්ඩුව විසින් පවත්වාගෙන යන facebook fake account එකකින් සමාජ මාධ්‍යයට මුදා හැර ඇති බවයි.

එම හඬ පටය ඔස්සේ තවදුරටත් අදහස් දක්වන මුජිබර් රහුමාන් මහතා..

” මෙවැනි ක්‍රියා මඟින් පෙනී යන්නේ මඩ බලකාය තමුන්නාන්සේලාටත් බොරුකරන්න බවයි. ඒ නිසා මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා නිරපරාදේ මුදල් වියදම් නොකරන ලෙස එහෙම වුනොත් ඔවුන්ට ගෙවන ඒ මුදල් අපරාධයක් වෙනවා. ඔවුන්ට භාර දුන්න කාර්යය නිසි පරිදි සිදුවෙනවාද කියා සොයා බලා මුදල් ගෙවන්න.

මා සම්බන්ධයෙන් ප්‍රචාරය කර ඇති මේ අසත්‍ය ප්‍රවෘත්තිය නිර්මාණය කිරීම හා ප්‍රචාරය කිරීමට එරෙහිව මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන්නේ නැහැ. මොකද මේ දිනවල ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ ද ඇතුළුව පැමිණිලි රැසක් එහි විභාග වෙන නිසා.

රටේ ක්‍රියාත්මක වන මඩ සංස්කෘතිය නැතිකරන බවටට පොරොන්දු දී බලයට පැමිණි වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ඒ මඩ. ජඩ ගෝත්‍රවාදී ක්‍රමය ඉදිරියට ගෙන යමින් සිටිනවා

ජනාධිපතිතුමාගේ ඡායාරූපය පවා යොදා ගනිමින් ආණ්ඩුවේ මඩ බලකාය විපක්ෂයට පහර එල්ල කිරීමේ ප්‍රචාරය දියත් කර තිබෙනවා.ඇතැම් අවස්ථාවල මඩ බලකාය ජාතිවාදය ඇවිස්වීමේ අරමුණින් ප්‍රවෘත්ති නිර්මාණය කරනවා.

ජනාධිපතිතුමනි ඔබ ජාතිවාදයට විරුද්ධ නම් ආණ්ඩුවට සම්බන්ධ මේ මඩ බලකාය ගෙනයන වැඩපිළිවෙළ නවත්වන්න මේවා නවත්වන්නේ නැතුව ජනතාව ඉදිරියට පැමිණ ජාතික සංහිඳියාව ඇති කරනවා කියමින් තවත් බයිලා කියන්න එපා.මඩ බලකායට ගෙවන වැටුප් සහ ඔවුන්ට සපයන අනෙකුත් පහසුකම් ලබාදීමේදී ඔවුන්ගෙන් ඒ වැඩේ සිදුවෙනවදද කියා විමසා බලන්න එහෙම නැතිනම් ඔවුන්ට ඒ ලබා දෙන්නේ කාගේ හෝ මුදල් එය අපරාධයක්….යැයි මුයිභාර් රැහුමාන් මහතා නිකුත් කර ඇති එම හඬ පටයේ වැඩිදුරටත් දැක්වේ.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *