මාස 3ක් තුළ රියදුරු බලපත්‍ර ලක්ෂ 3ක්

මේ වනවිට ලක්ෂ 3කට අධික රියදුරු බලපත්‍ර ප්‍රමාණයක් නිකුත් කිරීමට පවතින බවත් එම ප්‍රමාණය ඉදිරි මාස 3 තුළ මුද්‍රණය කර නිකුත් කිරීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යාංශ නිලධාරීන් පවසයි. ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට එක්වෙමින් ඔවුන් මේ බව සඳහන් කර සිටියේය. එමෙන්ම අමාත්‍යාංශ නිලධාරීන් වැඩිදුරටත් පැවසුවේ ආරක්ෂිත විශේෂාංග […]

ජයනන්ද වර්ණවීර අභාවප්‍රාප්ත වෙයි

හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ජයනන්ද වර්ණවීර මහතා අද (16) පස්වරුවේ අභාවප්‍රාප්ත විය.  මිය යනවිට ඒ මහතා 64වන වියේ පසුවිය. 1986 වසරේ දී පාකිස්තානයට එරෙහිව ජාත්‍යන්තර ටෙස්ට් වරම් හිමිකරගත් වර්ණවීර මහතා වසර 8කට අධික කාලයක් ශ්‍රී ලංකා එක්දින හා ටෙස්ට් කණ්ඩායම් නියෝජනය තිබුණි. පන්දු යවන්නෙකු ලෙස ඉහළ දක්ෂතා දක්වා ඇති හෙතෙම 1994 වසරේ දී ක්‍රිකට් පිටියෙන් […]

රඳවාගෙන සිටින වාහන කොන්දේසි වලට යටත්ව මුදා හැරිය හැකියි

මෙරට දී ණයවර ලිපි විවෘත කර නිෂ්පාදිත රටින් බැහැර වෙනත් රටකින් ආනයනය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටින වාහන කොන්දේසිවලට යටත්ව මුදා හැරීමට හැකියාව තිබෙන බව ශ්‍රී ලංකා රේගුව අද (16) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය. ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටින අදාළ වාහන මුදා හැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා වාහන ආනයනකරුවන් විසින් ගොනුකර […]

පොලිස් නාකොටික් ලොක්කාට ස්ථානමාරු

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධ්‍යක්ෂ, ‌ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමාල් ප්‍රශාන්ත මහතාට ස්ථානමාරුවක් ලබාදෙනු ලැබුවේ ඔහුට එරෙහිව සිදුකරන විමර්ශනයකට අදාළව බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි. තොරතුරුකරුවන් ලබාදීමට තිබූ රු ලක්ෂ 50ක මුදලක් අවභාවිත කිරීම, පරිපාලන දුර්වලතා සහ මාස තුනක් තුළ නිසි පරිදි මත්ද්‍රව්‍ය වැටලීම් සිදුනොකිරීම ඔහුට එරෙහිව ඇති චෝදනා බව සඳහන්ය. රු ලක්ෂ 50ක […]

AI සඳහා හඬ දුන් බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන්

සුපිරි බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන් මෙටා සමඟ අත්වැල් බැඳගෙන තිබේ. ඉන්දියාව, අමෙරිකාව සහ තවත් රටවල් 4 ක මෙටා AI සඳහා නව හඬ ලෙස දීපිකා පදුකෝන් සිය දායකත්වය දක්වන බව ඇය සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ දැනුම් දී ඇත. ඇගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම ඔස්සේ ඇය මෙටා AI සඳහා චිත්‍රාගාරයකදී ඇගේ හඬ පටිගත කරන වීඩියෝවක් බෙදා හැර තිබුණි. එහි […]

රටින් පැන සැඟවී සිටි සෙව්වන්දි කොටු­ක­ර­ගත් හැටි

මුරුසි ජාතික කාන්තා­වක් ලෙස නේපා­ල­යෙන් පනි­න්නත් පාස්පෝට් හදලා කෙ‍හෙල්බ­ද්දර පද්මේ­ගෙන් ජේ. කේ. බායිට කෝටි­යක මත්කුඩු සති 6ක රහස් මෙහෙ­යු­මක් අස­ල්වැසි රටක ප්‍රබල බුද්ධි අංශ­ය­කින්ද සහාය ලැබිලා මුරුසි ජාතික කාන්තා­වක් ලෙස ඉෂාරා සෙව්වන්දි මුරු­සි­යට පැන්නී­මට කෙ‍හෙල්බ­ද්දර පද්මේ සැල­සුම් කර තිබී ඇතැයි අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අනා­ව­ර­ණය කර­ගෙන තිබේ. ඒ සඳහා සකස් කළ මුරු­සියේ විදේශ ගමන් බල­ප­ත්‍ර­යක් නේපා­ල­යේදී […]

ලංකාවේ පාස්පෝට් එක තවත් පහළට

හෙන්ලි විදේශ ගමන්බලපත්‍ර දර්ශකයේ නවතම ශ්‍රේණිගත කිරීම ශ්‍රී ලංකා විදේශ ගමන්බලපත්‍රය ස්ථානයක් පහළට ගොස් ලොව 98වන ස්ථානයට පත්ව ඇත. වත්මන් ශ්‍රී ලංකා විදේශ ගමන්බලපත්‍රයෙන් ලොව රටවල් 41කට පමණක් වීසා රහිත ප්‍රවේශය ලබාගත හැකිය. අවසන් වරට ඉකුත් සැප්තැම්බර් 11 වනදා නිකුත් කරන ලද දර්ශකයේ ශ්‍රී ලංකාව 97 වන ස්ථානයේ සිටියේය. 2024 වසරේ දී 96 වන ස්ථානයේ […]

ආණ්ඩුවේ මඩ බලකායක් ගැන මුජිබර් ජනපතිට කියයි

ජනාධිපතිතුමනි විරුද්ධ පක්ෂයට මඩ ගැසීම සඳහා ආණ්ඩුව facebook account යොදා ගනිමින් පවත්වාගෙන යන මඩ බලකායට වැටුප් සහ අනෙකුත් පහසුකම් සැපයීමේ දී ඔවුන් බාරගත් වැඩේ නිසි ලෙස ඉටු කරනවාද යන්න පිළිබඳව සොයා බලා අදාළ පහසුකම් සපයන ලෙස  පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි. පොදු රාජ්‍ය මණ්ඩල පාර්ලිමේන්තු සැසි වාරයට සහභාගී වීම සඳහා විදේශගතව සිටින […]

මන්ත්‍රී වැටුප් ගැන දයාසිරිගේ යෝජනාවක් පාර්ලිමේන්තුවට

මහජන නියෝජිතයන්ගේ වැටුප් හා දීමනා මෙන්ම වාහන බලපත් ආදිය ඔවුන්ගේ පක්ෂ අරමුදලට බැර කිරීමනතර කළ යුතු බවට වන පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත. එම යෝජනාව පාර්ලිමේන්තුවේ නවතම න්‍යාය පත්‍රයට ඇතුළත් කර තිබෙන අතර නුදුරේදීම එය විවාදයට ගැනීමට නියමිතය. මහජන නියෝජිතීන්ගේ වැටුප් හා දීමනා මෙන්ම […]

සජබය සමඟ සාකච්ඡා කිරීමට එජාපයෙන් ත්‍රිපුද්ගල කමිටුවක්

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය ඉදිරියේදී එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් එම පක්‍ෂය සමඟ සාකච්ඡා කිරීමට එජාපය ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර ඇත. එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, එජාප මහ ලේකම් නීතිඥ තලතා අතුකෝරල, ජනාධිපති නීතිඥ රොලන්ඩ් පෙරේරා යන මහත්ම මහත්මීන් මෙම කමිටුව නියෝජනය කරන බව එක්සත් ජාතික පක්ෂය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් […]