‘ආණ්ඩුව කැබ් රථ ගෙන්වන්නේ ජවිපෙ දේශපාලන කාඩර්වරුන්ට බෙදන්න’

රජය විසින් මිලදී ගැනීමට සැලසුම් කර ඇති වාහන 1,750න් කොටසක් ජවිපෙ පක්ෂ කාඩර්වරුන්ට ලබා දීම සඳහා සූදානමක් ඇති බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ප්‍රකාශ කර තිබේ.

ඒ සමඟම, රටේ සේවය කරන වෘත්තීයවේදීන්ට ලබා දී තිබූ වැදගත් වරප්‍රසාදයක් වූ වාහන බලපත්‍රය අහෝසි කර ඇති බවත්, ඒ වෙනුවට තම පක්ෂයේ කාඩර්වරුන්ට ඩබල් කැබ් රථ ලබා දීමට කටයුතු කර ඇති බවත් හිටපු අමාත්‍යවරයා පෙන්වා දෙයි.

2015 වසරෙන් පසු කිසිදු ආණ්ඩුවක් දේශපාලනඥයන්ට වාහන බලපත්‍ර ලබා දී නොමැති බවද චම්පික රණවක මහතා සඳහන් කළේය.

වෘත්තීයවේදීන්ට වාහන බලපත්‍ර යටතේ ලබා දුන්නේ 30%ක බදු අඩුකිරීමක් පමණක් බවත්, එය ඔවුන් රටේ සේවය කිරීම සඳහා රඳවා තබා ගැනීමට ලබා දුන් සහනයක් බවත් හිටපු ඇමතිවරයා පැහැදිලි කළේය.

පාඨලී චම්පික රණවක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, මෙහි පවතින මූලික ගැටලුව නම්, පාලකයන් තමන්ගේ වරප්‍රසාද භුක්ති විඳිමින්, රට වෙනුවෙන් සේවය කරන වෘත්තිකයන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීම බවයි.

“පාලකයන් තමන්ගේ වරප්‍රසාද කප්පාදු කරමින් වෘත්තිකයන්ගේ ද වරප්‍රසාද කප්පාදු කළේ නම් සාධාරණ බවත්, අද පාලකයන් වරප්‍රසාද ලබමින් වෘත්තිකයන්ගේ වරප්‍රසාද අහිමි කොට ඇති බවත්” ඔහු ප්‍රකාශ කළේය.

මෙම ක්‍රියාමාර්ගය මගින් රටේ වෘත්තීයවේදීන් අධෛර්යමත් වන අතර, එය රටේ සංවර්ධනයට අහිතකර බලපෑම් ඇති කරන බවට හිටපු අමාත්‍යවරයා අනතුරු අඟවා සිටියේය

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *