ආදායම් බදු ගෙවන්නන්ට නිවේදනයක්

2024 – 2025 තක්සේරු වර්ෂ සඳහා ආදායම් බදු වාර්තා ලබාදීම සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර ඇත.

2024 – 2025 තක්සේරු වර්ෂයට අදාළ ආදායම් බදු සඳහා ලියාපදිංචි වී ඇති සියලුම තැනැත්තන් ආදායම් බදු වාර්තා මාර්ගගතව නොවැම්බර් 30)වන දින හෝ එදිනට පෙර භාරදීම අනිවාර්ය බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

නියමිත දිනට ආදායම් බදු වාර්තා භාර නොදෙන තැනැත්තන්ට එරෙහිව 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත අනුව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

1944 අංකයෙන් හෝ www.ird.gov.lk වෙබ් අඩවියෙන් හෝ ආසන්නතම දේශීය ආදායම් ප්‍රාදේශීය කාර්යාලයෙන් වැඩි විස්තර ලබා ගත හැකිය.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *