ආපදාවට ලක්වූ දිස්ත්‍රික්කවල මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡාවක්ට ජනපති පාර්ලිමේන්තුවට

ආපදාවට ලක්වූ සියලු දිස්ත්‍රික්කවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (27) උදෑසන 9.30ට විශේෂ රැස්වීමක් සඳහා පාර්ලිමේන්තුවට කැඳවා තිබේ.

අද පාර්ලිමේන්තුවේ දී විපක්ෂයේ, ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා විසින් රට තුළ ඇති වී තිබෙන ආපදා තත්ත්වයට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් සභානායක, අමාත්‍ය බිමල් රත්නායක මහතා මේ බව පැවසීය.

ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ, අද දහවල් වනවිට මහජන ආරක්ෂක අමාත්‍යවරයා සහ අදාළ අංශවල අමාත්‍යවරු මහනුවරට සහ නුවරඑළිය ප්‍රදේශවලට යැවීමට නියමිත බවය.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *