ආපදාවෙන් විනාශ වූ රථ වාහන පිළිබදව ආපදා සිදුවූ ප්‍රදේශවලට ගොස් තොරතුරු රැස්කිරීමේ වැඩපිළිවෙලක් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.
මෝටර් රථ කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහගේ උපදෙස් පරිදි මෙම වැඩපිළිවෙල ක්‍රියත්මක කෙරේ.
එළැඹෙන දෙසැම්බර් 15 වන දායින් පසුව දිස්ත්‍රික් මට්ටමින් විශේෂ ජංගම සේවා මගින් ආපදාවෙන් හානියට පත් රථ වාහන සම්බන්ධව තොරතුරු රැස්කෙරෙන බව කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.
ලබාගන්නා තොරතුරු මත ඉදිරි කටයුතු සිදු කිරීමට නියමිත බව ත් ආපදාවට ලක්වූ වාහන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂාවට ලක් කර ධාවනයට සුදුසු ද නැති ද යන්න තීරණය කරනු ඇති බව ත් ඔහු සඳහන් කළේ ය.
එමෙන් ම, ආපදා තත්ත්වය හේතුවෙන් ඇතැම් පුද්ගලයින්ගේ රථ වාහන මෙන් ම ලියකියවිලි ද විනාශ වී ඇති බව ත් එම තොරතුරු ලබා ගනිමින් එම ලියවිලි ලබා දීමට කටයුතු සිදුකිරීමට බලාපොරොත්තු වන බව ත් කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.



