දශක ගණනාවක් පුරා රූපවාහිනී නාලිකා ඔස්සේ සජීවීව විකාශනය වූ ඇකඩමි සම්මාන උළෙල හෙවත් ඔස්කාර් උළෙල, 2029 වසරේ සිට සම්ප්‍රදායික රූපවාහිනී විකාශනයෙන් ඉවත් වී YouTube හරහා පමණක් විකාශනය කිරීමට තීරණය කර තිබෙනවා.
ඇකඩමි ආයතනය සහ ගූගල් සමාගමට අයත් යූටියුබ් ආයතනය අතර ඇති වූ නව ගිවිසුම් ගතවීම මීට හේතුවයි.
ඒ සමග 1976 වසරේ සිට අඛණ්ඩව ඔස්කාර් උළෙල විකාශනය කළ ABC නාලිකාව සමග ඇති ගිවිසුම 2028 වසරේ අවසන් වනු ඇති.
ඒ අනුව 2029 වසරේ පැවැත්වෙන 101 වන ඔස්කාර් උළෙලේ සිට 2033 වසර දක්වා ලොව පුරා සිටින බිලියන 2කට අධික යූටියුබ් පරිශීලකයින්ට මෙම සම්මාන උළෙල නොමිලේ සහ සජීවීව නැරඹීමට අවස්ථාව හිමිවනවා.



