දකුණු අප්‍රිකාව සහ නැමීබියාව අතර ඊයේ (11) පැවැති පන්දුවාර 20 තරගය ජය ගැනීමට නැමීබියා කණ්ඩායම සමත්ව තිබෙනවා.
ඒ ප්‍රබල දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුළු 04කින් පරාජය කරමින් වන අතර, මෙම තරගය නැබීමියාව දකුණු අප්‍රිකාව සමඟ ක්‍රීඩාකළ පළමු තරගය වීමත් විශේෂත්වයක්.
එහිදී අද තරගයේ කාසියේ වාසියෙන් පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 08ක් දැවී ලකුණු 134ක් රැස් කරගෙන ඇති අතර, එම ඉලක්කය හඹා ගිය නැමීබියානු කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුළු 06ක් දැවී ලකුණු 138ක් රැස් කරගනිමින් ජය වාර්තා කර ගැනීමට සමත් වුණා.
එහිදී නැමීබියාව වෙනුවෙන් සේන් ග්‍රීන් නොදැවී ලකුණු 30*ක්ද, නායක ගෙරාර්ඩ් ඉරැස්මස් ලකුණු 21ක්ද, මාලන් කෘගර් ලකුණු 18ක්ද, ජේජේ ස්මිත් සහ ලෝරන් ස්ටීන්කැම්ප් ලකුණු 13 බැගින්ද, රූබන් ට්‍රම්ප්ල්මන් නොදැවී ලකුණු 11ක්ද, රැස් කරගත්තා.
පන්දු යැවීමේදී නන්ද්‍රේ බර්ගර්, ඇන්ඩිලේ සිමෙලේන් කඩුළු 02 බැගින්ද, ජෙරල්ඩ් කෝට්සි සහ බ්ජෝර්න් ෆෝටුයින් එක් කඩුල්ල බැගින් දවාගත්තා.
දකුණු අප්‍රිකාව වෙනුවෙන් පන්දුවට පහරදුන් ජේසන් ස්මිත් ලකුණු 31ක්ද, රූබින් හර්මන් ලකුණු 23ක්ද, ලුආන්-ඩ්‍රේ ප්‍රිටෝරියස් ලකුණු 22ක්ද, බ්ජෝර්න් ෆෝටුයින් නොදැවී ලකුණු 19*ක්ද ලෙසින් කණ්ඩායමේ ඉහළම ලකුණු වාර්තා කිරීමට සමත් වුණා.
පන්දු යැවීමේදී රූබන් ට්‍රම්ප්ල්මන් කඩුළු 03ක්ද, මැක්ස් හයින්ගෝ ලකුණු 02ක්ද, ජේජේ ස්මිත්, බෙන් ෂිකොන්ගෝ සහ ගෙරාර්ඩ් ඉරැස්මස් එක් කඩුල්ල බැගින් නැමීබියාව වෙනුවෙන් දවාගත්තා.



