ඉදිරි කාලගුණය පිළිබඳව විශේෂ නිවේදනයක්

ඉදිරි කාලගුණය පිළිබඳ විශේෂ නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පවතින පහළ වායුගෝලීය කැලඹිලි ස්වභාවය තවදුරටත් වර්ධනය වීමේ හැකියාවක් පවතින බවත් ඒ හේතුවෙන් ජනවාරි 8 වන බ්‍රහස්පතින්දා දින සිට දිවයිනේ විශේෂයෙන් උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ වර්ධනයක් බලාපොරොත්තු විය හැකි බවත් අදාළ නිවේදනයේ දැක්වේ.

එම නිවේදනය අද (05) සවස 3.30ට නිකුත් කර ඇති අතර, අදාළ නිවේදනය පිළිබඳ සැලකිලිමත් වෙන ලෙස ජනතාවට දැනුම්දෙයි.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *