කතරගම රත්තරන් විකුණන හේතුව

කතරගම දේවාලය භාරයේ ඇති රත්‍රං සංචිතවලින් කොටසක් විකිරීමට තීරණය කළ හේතුව පිළිබඳව කතරගම දේවාලයේ බස්නායක නිළමේ තිලිණ මධුසංක මහතා පැහැදිලි කිරීමක් සිදුකළා. ඒ අද (05) පෙරවරුවේ මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින්. එහිදි බස්නායක නිළමේවරයා පවසා සිටියේ රත්රන් නිසි ක්‍රමවේදයක් යටතේ අලෙවිය සිදුවන්නේ නම් එහි වඟකිම සියට සියයක් තමා විසින් ගන්නා බවයි. “කතරගම දේවාලයේ […]

ඉන්ධන මිල සංශෝධනය වෙයි

සිපෙට්කෝ ඉන්ධන සිල්ලර මිල ගණන් ජනවාරි මාසයට අදාළව සංශෝධනය කර තිබේ. ඒ අනුව අද (05) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ගණන් වෙනස් වේ. මිල සංශෝධනය අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 2කින්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 5කින්, ලංකා සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 5කින් සහ ලංකා භූමිතෙල් ලීටරයක් රුපියල් 2කින් ඉහළ ගොස් තිබේ. […]

ජොන්ස්ටන් සහ බාල පුත්‍රයා රිමාන්ඩ්

හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු සහ ඔහුගේ බාල පුතු ලබන ජනවාරි 09 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. අද (05) පෙරවරුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට භාර වූ අවස්ථාවේදී ඔහු සහ ඔහුගේ බාල පුතු අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ, සතොස ආයතනයට අයත් ලොරි රථයක් අවභාවිත කරමින් රජයට මූල්‍ය පාඩුවක් සිදුකළ බව කියන සිද්ධියට අදාළවයි. එම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයාගේ […]

සිතුවමට රැවටුණු පොලීසිය වෙන තරුණයෙක්ට පහර දීලා

කොහුවල ප්‍රදේශයේදී 16 හැවිරිදි දැරියකට තුවාල සිදු කරමින් ඉකුත් දෙසැම්බර් 30 වනදා සිදුවූ වෙඩි තැබීමේ සැකකරුගේ සිතුවමට සමාන යැයි පවසමින්, තරුණයෙකුට බොරැල්ල පොලිසියේ අපරාධ අංශය තුළදී දරුණු වධහිංසාවට ලක්වීමේ පුවතක් වාර්තා වනවා. මෙලෙස අසාධාරණ ලෙස වධහිංසාවට ලක්ව ඇත්තේ දැරණියගල ප්‍රදේශයේ කුඩා අවන්හලක් පවත්වාගෙන යන ලහිරු මධුසංඛ නමැති තරුණයෙක්. පසුගිය ජනවාරි 01 වනදා සිය ව්‍යාපාරික අවශ්‍යතාවයකට […]

ජනපති අමාත්‍යාංශ ලේකම්වරු සමඟ විශේෂ සාකච්ඡාවක

පවත්නා මූල්‍ය සීමාවන් තුළ පිහිටා ජාතික ප්‍රමුඛතාවන් හඳුනා ගනිමින් 2026 අයවැය ප්‍රතිපාදන වෙන් කර තිබෙන බවත්, එම ප්‍රතිපාදන උපරිම කාර්යක්ෂමතාවෙන් යුතුව ජනතා සුබසිද්ධිය උදෙසා යෙදවීම සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.  ප්‍රාග්ධනය වියදම් ලෙස කොපමණ මුදල් වෙන් කළද ප්‍රශස්ත මට්ටමින් ඒවා වැය කර අවශ්‍ය භෞතික ප්‍රගතිය ළඟා […]

ඉදිරි කාලගුණය පිළිබඳව විශේෂ නිවේදනයක්

ඉදිරි කාලගුණය පිළිබඳ විශේෂ නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පවතින පහළ වායුගෝලීය කැලඹිලි ස්වභාවය තවදුරටත් වර්ධනය වීමේ හැකියාවක් පවතින බවත් ඒ හේතුවෙන් ජනවාරි 8 වන බ්‍රහස්පතින්දා දින සිට දිවයිනේ විශේෂයෙන් උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ වර්ධනයක් බලාපොරොත්තු විය හැකි බවත් අදාළ […]

වැලිබල් ෆිනෑන්ස් වෙතින් රු. බිලියන 2.7ක වාර්තාගත ලාභයක්

2025/26 මූල්‍ය වර්ෂයේ පළමු භාගය තුළ රුපියල් බිලියන 2.7ක බදු පෙර ලාභයක් (PBT) වාර්තා කිරීමට වැලිබල් ෆිනෑන්ස් සමත්ව ඇත. මෙය පසුගිය වසරට සාපේක්ෂව 50%ක කැපී පෙනෙන වර්ධනයකි. සමාගමේ සමස්ත වත්කම් පදනම රු. බිලියන 143 දක්වා 28%ක වර්ධනයක් ලැබීම, අක්‍රිය ණය අනුපාතය (NPL) 5.19% සිට 2.78% දක්වා විශාල ලෙස පහත ගොස් තිබීම, කොටස් මත ප්‍රතිලාභය (ROE) […]

පාසල් ඇරඹුණත් 6 ශ්‍රේණියේ සිසුන්ට ගැටලුවක්

2026 වර්ෂය සඳහා අද (05) පාසල්වල කටයුතු ආරම්භ කිරීමත් සමග හය ශ්‍රේණියට අදාළ සිසු සිසුවියන් ද පාසල්වලට පැමිණෙන අතර ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා කිසිදු විධිමත් සැලැස්මක් රජය විසින් හඳුන්වා දී නොමැති බව විදුහල්පති ශ්‍රේණි නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් නිමල් මුදුන්කොටුව මහතා පවසයි. විධිමත් ලෙස හය ශ්‍රේණිය ආරම්භ කරනු ලබන්නේ 21වනදා බවට රජයේ පාර්ශවයෙන් සඳහන් කර […]

“හැංගිලා නේද හිටියෙ..? මේක මට පුරුදු තැනක්..”

තමාටත් තම පුත්‍රයාටත් කට උත්තරයක් ගැනීම සඳහා කැඳවා ඇති බවත්, මෙය පවුලකට එරෙහිව සිදු කරන දේශපාලන පලිගැනීමක් බවත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසනවා. ඔහු මේ බව කියා සිටියේ, පොලිසිය විසින් සිදු කළ නියෝගයකට අනුව අද (05) පෙරවරුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවට පැමිණි අවස්ථාවේදීයි. ඔහු මෙලෙස නොපැමිණහොත් අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණ වරෙන්තුවක් ලබාගැනීමට කටයුතු කරන […]

රිසාඩ් බදියුදීන් අල්ලස් කොමිසම හමුවට

හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිසාඩ් බදියුදීන් මහතාට සිදුකර ඇති කැඳවීමක් අනුව අද (05) පෙරවරුවේ අල්ලස් කොමිසම වෙත පැමිණ තිබේ. පසුගිය රජය සමයේ කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යාම සඳහා රාජගිරිය ප්‍රදේශයේ කුලී පදනම මත ගොඩනැගිල්ලක් මිලදී ගැනීම පිළිබඳව අල්ලස් කොමිසම විසින් විමර්ශන ආරම්භ කර තිබුණි. ඒ අනුව එම සිද්ධියට අදාළව එවක රජය සමයේදී කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරයෙකු […]