ඉන්දියාවෙන් ඩොලර් මිලියන 450ක ප්‍රතිසංස්කරණ පැකේජයක්

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාවට සිදුවූ දැවැන්ත විනාශයෙන් පසු මෙරට යළි ගොඩනැගීමේ කටයුතු සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 450ක ප්‍රතිසංස්කරණ ආධාර පැකේජයක් ලබා දීමට ඉන්දීය රජය තීරණය කර තිබෙනවා.

අද (23) දිවයිනට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් විසින් මෙම සහන පැකේජය පිළිබඳ නිල වශයෙන් දැනුම් දී ඇති බවයි සඳහන් වෙන්නේ.

අමෙරිකානු ඩොලර් මිලියන 350ක් සහනදායී ණය පදනම යටතේ යටිතල පහසුකම් සංවර්ධනයට සහ අමෙරිකානු ඩොලර් මිලියන 100ක් මූල්‍ය ආධාර හෙවත් ප්‍රදානයන් ලෙස මෙහිදී හිමිවනු ඇති.

ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මීට සුළු මොහොතකට පෙර ජනපති අනුර කුමාර දිසානායක හමු වී ⁣ද්වීපාර්ශ්වීය සාකච්ඡා ආරම්භ කරනු ලැබුවා.

ඉන්දීය ගුවන් හමුදාවට අයත් විශේෂ යානයකින් ඊයේ පස්වරුවේ දිවයිනට ළගා වූවා.

මෙරට රැඳී සිටින කාලය තුළ ඉන්දීය විදේශ අමාත්‍යවරයා, ජනාධිපතිවරයාට අමතරව අග්‍රාමාත්‍යවරිය, විදේශ කටයුතු අමාත්‍යවරයා මෙන්ම දෙමළ පක්ෂවල නායකයින්ද හමුවීමට නියමිතයි.

දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ව්‍යවසනයට පිළියම් යෙදීම සඳහා දියත් කරන සාගර් බන්දු මෙහෙයුමේ ඉදිරි කටයුතු සොයා බැලීම ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ මෙරට සංචාරයේ ප්‍රධානම අරමුණ වී තිබෙනවා.

ඔහු මෙම සංචාරය තුළදී ආපදාවෙන් පසු ප්‍රතිසංස්කරණ කටයුතු, දෙරට අතර ද්වීපාර්ශ්වික සබඳතා, ආර්ථික සහයෝගිතාව සහ කලාපීය ආරක්ෂාව ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව ද සාකච්ඡා කිරීමට නියමිතයි.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *