ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් දිවයිනට

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් මහතා නිල සංචාරයක් දිවයිනට පැමිණ තිබේ.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ නියෝජිතයෙකු ලෙස ජයිශංකර් මහතා මෙම සංචාරය සිදුකරන බවය.

සිය සංචාරය තුළ දී ජනාධිපතිවරයා ඇතුළු රජයේ ඉහළ පෙළේ නියෝජිතයින් සමග ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සාකච්ඡා පැවැත්වීමට නියමිත බව සඳහන්ය.

‘දිට්වා’ සුළි කුණාටුවෙන් බලපෑම් එල්ල වූ ශ්‍රී ලංකාවට ඉන්දීය රජයේ සහයෝගය තවදුරටත් තහවුරු කිරීම ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ සංචාරයේ අරමුණ වී ඇති බව වාර්තා වෙයි.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *