“ඉන්ධන නැතිවීමේ අවධානමක් තියෙනවා..”

ජනතාවට අවශ්‍ය පරිදි ඉන්ධනහල්වලින් ඉන්ධන ලබාගතහොත් ඉන්ධන නැති වීමේ අවධානමක් මතුවන බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික මහතා පවසනවා.

ලෝකයේ බොහෝ රටවල මෙම ඉන්ධන ගැටලුවට පිළියමක් වශයෙන් සතියකට දින කිහිපයක්ම නිවාඩු ලබාදීමට තීරණය කර ඇති බවත්, බංග්ලාදේශය, පාකිස්ථානය වැනි රටවල් යම් ප්‍රමාණයකට අගුලු දැමීමකට (Lock Down) ලක් කර ඇති බවත්, ඔහු සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ,

“මේ මොහොතේ QR කෝඩ් එක ගේන්න ආණ්ඩුවට සිද්ධ වෙලා තියෙනවා. එතකොට ඒක ආණ්ඩුවට ගේන්න අදාළ හේතුවක් තියෙනවා. අපි දන්නවා QR ක්‍රමය වගේ එකක් එන්නේ ඉතිහාසයේ දෙවෙනි වතාවටනේ. එන්නේ ඇයි? තෙල් සීමා කරන්න. ඉන්ධන සීමා කිරීමේ අවශ්‍යතාවයක් නිසා තමයි මේකක් ගේන්නේ. එතකොට ඉන්ධන සීමා කරන්න වෙන්නේ ඇයි? ඉන්ධන supply එකේ අඩු කමක් තියෙනවා. අපේ හිතේ හැටියට ඉන්ධන ගැහුවොත් එහෙම ඉන්ධන නැති වීමේ අවධානමක් තියෙනවා. ඒක ලෝකේ හැම රටකටම වගේ අපිටත් ඇවිල්ලා තියෙනවා. අපි වගේ තෙල් ටිකක් දැකලවත් නැති රටවල් නෙවෙයි, තෙල් තියෙන රටවල්වලට තමයි මේ ප්‍රශ්නය ඇවිල්ලා තියෙන්නේ. තෙල් මිල 40%කින් 50%කින් වැඩි වෙලා තියෙනවා. තෙල් සීමා කරමින් ඉන්නවා. බංග්ලාදේශය, පාකිස්ථානය වගේ රටවල් යම් ආකාරයකට ලොක්ඩවුන් කරමින් ඉන්නවා. විශ්වවිද්‍යාල වහලා, පාසල් වහලා, ආයතන වහලා. එතකොට ඒ වගේ හැම රටක්ම එහෙමයි. ඊට පස්සේ සතියට දවස් කීපයක්ම නිවාඩු දෙන්න තීරණ ගනිමින් ඉන්නවා. බටහිර වෙන්න පුලුවන්, ආසියාවේ වෙන්න පුලුවන්, ලෝකේ හැම තැනකම මේ වෙද්දි ඔහොම තත්වයක් තියෙන්නේ. එතකොට පොඩි ආර්ථිකයක් තියෙන, මුලුමනින්ම පිටරටින් එන තෙල් නැව් දිහා බලාගෙන ඉන්න රටක් විදිහට අපිට එහෙම අවධානමක් තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ අවධානම තියෙන්නේ මේ වෙලාවේ ලෝක යුද්ධයක් තියෙන නිසා. එතකොට ලංකාවට තෙල් ගන්න සල්ලි නැති නිසා නෙවෙයි. ඕක තමයි අවස්ථා දෙකේ වෙනස් කර ගන්න ඕන එක…”

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *