උඩරට දුම්රිය ධාවනය තවදුරටත් සීමාවෙයි

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය හෙට (22) දහවල් 12.00 දක්වා යථා තත්ත්වයට පත්කළ නොහැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මේ හේතුවෙන් අද රාත්‍රී තැපැල් දුම්රියද ධාවනය නොවන බවයි.

එමෙන්ම කොළඹ සිට ධාවනය වන දුම්රිය රඹුක්කන දක්වාත්, බදුල්ලේ සිට කොළඹ දක්වා ධාවනය වන දුම්රිය පේරාදෙණිය දක්වාත් සීමා කර තිබේ.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *