පැය 24කදී ස්ත්‍රී දූෂණ සිද්ධීන් 06 ක්

ස්ත්‍රී දූෂණ සිද්ධීන් 06 ක් ඊයේ (20) දිනය තුලදී පමණක් වාර්තා වී ඇති බව පොලීසිය පවසයි. ශ්‍රී ලංකා පොලීසියේ නිල facebook පිටුවේ සටහනක් තබමින් පොලීසිය පවසා ඇත්තේ ආදාළ සිද්ධීන් 05 ක් ප්‍රේම සම්බන්ධතා අතරතුර සිදුවී ඇති අතර අන් සිදුවීම බලහත්කාරය මත සිදුව ඇති බව මූලික විමර්ශන මගින් අනාවරණය වී ඇති බවය. පූර්ණ බලහත්කාරය මත සිදුව […]
දැදුරු ඔය ආශ්‍රිත පහත්බිම්වල ඉන්න අයට දැනුම්දීමක්

දැදුරු ඔය ද්‍රෝණියේ පහළ ප්‍රදේශවලට මේ වනවිට ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, එය හෙට (22) මධ්‍යාහ්න 12.00 දක්වා තවදුරටත් වලංගු වන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දැදුරු ඔය ද්‍රෝණියේ ඉහළ හා මධ්‍ය ප්‍රවේශවලට ඇදහැලුණු සැලකිය යුතු වර්ෂා පතනය හා දැදුරු ඔය ජලාශයේ පිටවාන් දොරටු විවෘත කර මේ වනවිටත් තත්පරයට ඝණ අඩි […]
ක්‍රිකට් ක්‍රීඩාවේ මීළඟ පරිණාමය ටෙස්ට්-විස්සයි20 තරග

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ උපායශීලී සංකීර්ණතා සහ විස්සයි20 තරගවල ශක්තිය සහ වේගය ඒකාබද්ධ කරන ඕවර 80ක දෙමුහුන් ආකෘතියක් වන ටෙස්ට් විස්සයි20 ක්‍රිකට් තරග රටාව ලබන නව වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සූදානම් වෙයි. මේ නව ආකෘතිය අනුව කණ්ඩායම් දෙක ඕවර 20 බැගින් වූ ඉනිම් දෙකක් ක්‍රීඩා කළ යුතු අතර, කණ්ඩායම් දෙකටම එක් දිනක් තුළ දෙවරක් පන්දුවට පහරදීමට […]
පාපන්දු ලෝක කුසලාන ටිකට් අහස උසට නැඟලා

ලබන වසරේ පැවැත්වෙන පාපන්දු ලෝක කුසලාන තරගවල ප්‍රවේශපත් මිල 2022 කටාර්හි පැවති ලෝක කුසලානයට සාපේක්ෂව 10 ගුණයකින් ඉහළ දමා ඇති හෙයින් ලොව පුරා පාපන්දුලෝලීන් දැඩි ලෙස අපහසුතාවට පත්ව ඇත. මේ හේතුවෙන් ඉහළ පන්තියේ ධනවතුන්ට හැර සාමාන්‍ය රසිකයන්ට ටිකට්පත් ලබා ගැනීම වඩාත් දුෂ්කර වී ඇතැයි මැසිවිලි නැඟෙමින් පවතී. මෙවර පාපන්දු ලෝක කුසලාන තරග ලබන වසරේ ජූනි […]
”නීතීඥවරුන්ගේ හෝ වෛද්‍යවරුන්ගේ හඳුනාගැනීමේ ලාංඡන ඉවත් කිරීමේ තීරණයක් නැහැ”

නීතීඥවරුන්ගේ හෝ වෛද්‍යවරුන්ගේ වාහන වල හඳුනාගැනීම සඳහා යොදන ලාංඡන සහිත ස්ටිකරය ඉවත් කිරීමට රජය පාර්ශවයෙන් කිසිදු තීරණයක් ගෙන නොමැති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසූයේ මෝටර් රථ දෙපාර්තුමේන්තුව හෝ පොලිසිය මේ සම්බන්ධ කිසිඳු තීරණයක් ගෙන නොමැති […]
සුරාබදු ලොක්කාගේ ප්‍රකාශයට වෘත්තීය සමිති ගේම ඉල්ලයි

සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් සියයට 20ක් පමණ දූෂිත බවට සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.බී.එන්.ඒ. පේමරත්න පසුගියදා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සුරාබදු වෘත්තීය සමිති එකමුතුව දැඩි විරෝධය පළ කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම එකමුතුව සඳහන් කරන්නේ, අදාළ ප්‍රකාශය වහාම නිවැරදි කරන ලෙස කොමසාරිස් ජනරාල්වරයාගෙන් ඉල්ලා සිටීමට විධායක සභාව තීරණය කර ඇති බවත්, එසේ නොවන්නේ නම් ඕනෑම වෘත්තීය ක්‍රියාමාර්ගයක් […]
ලක්මාලි හේමචන්ද්‍රට නඩුවක් !

ජාතික ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර විසින් ප්‍රසිද්ධියේ අධිකරණ තීන්දුවක් විවේචනය කර රාජ්‍ය නිලධාරීන්ට එය නොසලකා හරින ලෙස උපදෙස් දීම සම්බන්ධයෙන් වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා නව ජනතා පෙරමුණ විසින් අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයාට ලිපියක් භාර දී තිබේ. මෙම ලිපිය භාර දීම සඳහා නව ජනතා පෙරමුණේ කොලොන්නාව ආසන සංවිධායක අජිත් පුෂ්පකුමාර, ආසන […]
රුහුණේ සරසවි සිසුන් 21 දෙනා 28 දක්වා රිමාන්ඩ්

අත්අඩංගුවට ගත් රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ සිසුන් 21දෙනා මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මේ මස 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් චතුර දිසානායක මහතා අද (21) එම නියෝග ලබා දුන්නා. කඹුරුපිටිය, මාපලානේ පිහිටි රුහුණු විශ්වවිද්‍යාලයට අයත් කෘෂිකර්ම පීඨයේ තෙවැනි වසරේ සිසුන් සහ දෙවැනි වසර සිසුන් දෙපිරිසක් අතර ඊයේ (20) […]
චමරි එක්දින ලකුණු 4000යි

කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ මුහුණ දුන් බංග්ලාදේශයට එරෙහි තරගයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු එක්දින ජාත්‍යන්තර තරගවලදී ලකුණු 4000 සම්පූර්ණ කළාය. එමෙන්ම එක්දින තරග 58කට ක්‍රීඩා කොට වසර 11ක් තිස්සේ ලබා ගැනීමට නොහැකිවූ තම කුලුඳුල් අර්ධ ශතකය වාර්තා පොතට සටහන් කිරීමට හසිනි පෙරේරා සමත් වූවාය. ඉන්දියාවේ නවී මුම්බායි […]
උඩරට දුම්රිය ධාවනය තවදුරටත් සීමාවෙයි

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය හෙට (22) දහවල් 12.00 දක්වා යථා තත්ත්වයට පත්කළ නොහැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මේ හේතුවෙන් අද රාත්‍රී තැපැල් දුම්රියද ධාවනය නොවන බවයි. එමෙන්ම කොළඹ සිට ධාවනය වන දුම්රිය රඹුක්කන දක්වාත්, බදුල්ලේ සිට කොළඹ දක්වා ධාවනය වන දුම්රිය පේරාදෙණිය දක්වාත් සීමා කර තිබේ.