නුගේගොඩ පැවති විපක්ෂයේ විරෝධතා රැලියකදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයකුව සිටි උදිත ලොකුබණ්ඩාර මහතා වේදිකාව මත ගමන් මල්ලක් තුළ සඟවා ගෙන සිටි පිස්තෝලය නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් පෙරේදා (25) පොලිස් භාරයට ගෙන ඇත.
විශාල මහජනතාවක් රැස්ව සිටි ස්ථානයක වේදිකාවක් මත පිස්තෝලයක් සඟවාගෙන සිටීම සම්බන්ධයෙන් එල්ල වී තිබෙන චෝදනාව මත උදිත ලොකුබණ්ඩාර මහතාගෙන් පොලිසිය පෙරේදා ප්‍රශ්න කර ප්‍රකාශයක් ද ලබා ගෙන තිබේ.



