උසස් පෙළ ප්‍රතිඵල ඇවිත්

2025 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා.

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන https://www.doenets.lk/ සහ http://www.results.exams.gov.lk/ යන වෙබ් අඩවිවලට පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගත හැකි බවයි.

මෙවර විභාගය සඳහා අයදුම්කරුවන් 281,810 දෙනෙකු පෙනී සිටි අතර, ඉන් 221,413ක් පාසල් අයදුම්කරුවන් වන අතර 60,397ක් පෞද්ගලික අයදුම්කරුවන් වනවා.

මෙවර විභාගයට පෙනී සිටි සිසුන්ගෙන් 176,527 දෙනෙකු විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා ඇටිහ් අතර එය ප්‍රතිශතයක් ලෙස 62.64%ක්.

එමෙන්ම විවිධ හේතූන් මත අයදුම්කරුවන් 111 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

සියලුම විදුහල්පතිවරුන්ට තමන්ට ලබාදී ඇති පරිශීලක නාම සහ මුරපද භාවිත කර අදාළ පාසලේ ප්‍රතිඵල ලේඛනය බාගත කර මුද්‍රිත පිටපතක් ලබාගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

එමෙන්ම පළාත් සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට ද තම කලාපයට අදාළ පාසල්වල ප්‍රතිඵල පරීක්ෂා කිරීමේ පහසුකම ලබා දී තිබෙනවා.

ප්‍රතිඵල සම්බන්ධයෙන් නැවත සමීක්ෂණයක් අවශ්‍ය අයදුම්කරුවන් සඳහා 2026.04.06 සිට 2026.04.22 දක්වා කාලය තුළ මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ අයදුම්පත් ඉදිරිපත් කළ හැකියි.

ප්‍රතිඵල සම්බන්ධයෙන් යම් ගැටලුවක් පවතී නම් විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික ඇමතුම් අංක 1911 හෝ පහත අංක හරහා තොරතුරු ලබාගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

  • 0112 785922 / 0112 784537 / 0112 786616
  • විද්‍යුත් තැපෑල: gcealexam@gmail.com

එම නිවේදනය පහතින්,

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *