උසස් පෙළ සිසුන් 30,898ක් සියලු විෂයයන් අසමත්

2025 වසරේ පැවැත්වුණු අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අනුව අපේක්ෂකයින් 30,898 දෙනෙකු සියලුම විෂයන් අසමත්ව ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ පවසනවා.

ඒ අනුව, එම පිරිස අතරට පාසල් අයදුම්කරුවන් 19,301ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 11,597ක් ඇතුළත්.

මේ අතර අ.පො.ස (උසස් පෙළ) 2025 විභාගයෙන් 176,527 දෙනෙකු විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබා තිබෙනවා.

මේ අතර විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අපේක්ෂකයින් 111 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවා ඇති බවයි.

ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් අප්‍රේල් 6 සිට අප්‍රේල් 22 දක්වා මාර්ගගතව ඉදිරිපත් කළ හැකියාව තිබෙනවා.

එම විභාගය සඳහා අපේක්ෂකයින් 281,810 දෙනෙකු ඉදිරිපත් වුණා.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *