සියලුම දේශපාලන පක්ෂ එක වේදිකාවකට ගෙන ඒම අරමුණු කරගෙන සජබය සමඟද සාකච්ඡා කරන බව එජාපය නිවේදනයක් නිකුත් කරමින් කියයි
ශ්රී ලංකාවේ ප්රජාතන්ත්රවාදී බහු පක්ෂ ක්රමය ආරක්ෂා කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ එක වේදිකාවකට ගෙන ඒම පක්ෂයේ ස්ථාවරය බවත් ඒ අනුව සමගි ජන බලවේගය සමඟද සාකච්ඡා කරන බවත් එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ විශේෂ නිවේදනය
ශ්රී ලංකාවේ ප්රජාතන්ත්රවාදී බහු පක්ෂ ක්රමය ආරක්ෂා කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ එක වේදිකාවකට ගෙන ඒම එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය ය. බහු පක්ෂ ක්රමය ආරක්ෂා කිරීමේදී දේශපාලන පක්ෂවල අනන්යතාවය සහ ප්රතිපත්ති රැකෙන ලෙස කටයුතු කිරීම වැදගත් වෙයි. මේ ස්ථාවරයට පැමිණෙන ලෙස සියලු පක්ෂ වලින් ඉල්ලා සිටිමු.
එලෙසම ඉහත පරමාර්ථය ඉෂ්ඨ කර ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය අතර පවතින දුරස්ථභාවය නැතිකරමින් එකමුතුව ක්රියාකිරීම වෙනුවෙන්ද අපි කැප වී සිටින්නෙමු.
විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතාගේ ප්රධානත්වයෙන් විපක්ෂ නායක කාර්යාලයේ පැවැත්වෙන කමිටුවේ සාකච්ඡා සඳහා අපි සහභාගී වන්නෙමු. අනෙකුත් දේශපාලන පක්ෂ සමගද අප පක්ෂ සාකච්ඡා කළ යුතුව පවතී.
තවද අප පක්ෂ දෙක අතර සාකච්ඡා කිරීම සඳහා කමිටුවක් පත් කිරීමේ යෝජනාවට ද එකඟත්වය පළ කරන්නෙමු.
සමගි ජනබලවේගය මෑතකදී කළ ප්රකාශත්, එක්සත් ජාතික පක්ෂයේ මූලික අරමුණත් සලකා බලා ඉදිරි වැඩසටහන් සකස් කළ හැකිය.
2025 ඔක්තෝබර් 15



