“ඔහු ගැන කණගාටුයි..!
යම් පිරිසක් මගේ දරුවා
ඔවුන්ගේ අරමුණකට පාවිච්චි කරනවා.”
අනුර විදානගමගේ (කජ්ජා) ගේ බිරිඳ චෝදනා කරයි.
තාජුඩීන්ගේ මරණය සිද්ධ වූ දා, තාජුඩීන් ගමන් ගත් මෝටර් රථය හඹාගිය පිරිස අතර තම සැමියා වන අනුර විදානගමගේ හෙවත් කජ්ජා සිට ඇති බව, කජ්ජාගේ බිරිද විසින් හදුනාගෙන තිබුණි.
එම ප්‍රවෘත්තිය රට තුළ මහත් ආන්දෝලනයක් ඇති කළ අතර, එම අනාවරණය සිදු වූ දිනට පසුවදා, එනම් ඊයේ දිනයේ දී, කජ්ජාගේ වැඩිමල් දරුවා සමාජ මාධ්‍යයේ ඔස්සේ සහ මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු ඉදිරියේ ඒ පිළිබදව අදහස් දක්වා තිබුණි.
එහිදී එම දරුවෝ චෝදනා කර තිබුණේ, සිය මව විසින් පවසා ඇති සියල්ල අසත්‍යය බවයි.
එමෙන්ම, සිය පියාගේ මරණය සම්බන්ධයෙන් සිය මව සහ ඇගේ පෙම්වතා වගකිව යුතු බවටද ඔහු චෝදනා කර තිබුණි.
දරුවාගේ එම ප්‍රකාශය පිළිබදව අද දිනයේ දී ඔහුගේ මව විසින් යූ ටියුබ් නාලිකාවකට අදහස් දැක්වීමක් සිදු කර තිබේ.
මව පවසන ආකාරයට, මෙම පිරිමි දරුවා මෙවැනි ප්‍රකාශයක් සිදුකර තිබෙන්නේ, තෙවන පාර්ශ්වයක බලපෑමකට යටත් වයි.
එම තෙවන පාර්ශ්වයට, ඇය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් සාක්ෂ්‍යය බාල්දු කිරීමේ අවශ්‍යතාවයක් පවතින අතර, ඒ සදහා ඔවුන් සිය දරුවා යොදා ගනිමින් සිටින බව ඇය චෝදනා කරයි.



