ඖෂධ හිඟය ගැන විපක්ෂ නායක කියන්නේ පට්ට­පල් බොරු

ඖෂධ හිඟය සම්බ­න්ධ­යෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා මූලා­ශ්‍රය කර­ගෙන ඉදි­රි­පත් කළ තොර­තුරු පට්ට­පල් බොරු යැයි සෞඛ්‍ය හා ජන­මාධ්‍ය ඇමැති, වෛද්‍ය නලින්ද ජය­තිස්ස මහතා පාර්ලි­මේ­න්තු­වේදී පෙරේදා (22) පැව­සීය.

ඇමැ­ති­ව­රයා මේ බව පැව­සුවේ විස­ර්ජන පනත් කෙටු­ම්පත කාරක සභා විවා­ද­යට එක් වෙමිනි.

එහිදී ඇමැ­ති­ව­රයා වැඩි­දු­ර­ටත් මෙසේ ද පැව­සු­වේය.

“ඖෂධ හිඟය තහ­වුරු කර­මින් විපක්ෂ නාය­ක­ව­රයා ලේඛ­න­යක් ඉදි­රි­පත් කළා. ඒ ලේඛ­නය මම ගෙන්වා­ගෙන බැලුවා. කිසිදු වග­කී­මක් නැති ලේඛ­න­යක්. කවදා එකක් ද මේ කියලා බැලුවා. නිකම්ම නිකම් ටයිප් කළ ලේඛ­න­යක් තමයි ඔහු ඉදි­රි­පත් කළේ. මේ ලේඛ­නය ගැන නිල­ධා­රීන්ට කියලා මම පරීක්ෂා කර බැලුවා. බෙන්සල් බෙන්ස­වේට් ඇප්ලි­කේ­ෂන් මාසෙ­කට ඕනෑ කරන්නේ 2083යි. අපි ළඟ 22,155ක තොග­යක් තිබෙ­නවා. කෝලි­කැ­ල්සි­ෆෙ­රෝල් ටැබ්ලට් කැප්සි­යුල් ෆයු තවු­සන්ඩ් අයිඕ මස­කට අවශ්‍ය කරන්නේ 33,333යි. 76,800ක් වෛද්‍ය සැප­යීම් අංශයේ පම­ණක් තිබෙ­නවා. ජාතික මට්ටමේ 178,190ක් තිබෙ­නවා. ලිඩො­ක්‍රේන් ටොෆි­ක­රල් ටෙන් පර්සන්ට් 90 තිබූ එක මස­කට 450ක් අවශ්‍ය වෙනවා. 6,612ක් අපි ළඟ තිබෙ­නවා. ටැමොක්සි ෆේන් ටැබ්ලට් ට්වෙන්ටි මිලි­ග්රෑම් 150,000ක් මස­කට අව­ශ්‍යයි. 627,024 ක් අපි ළඟ තොග තිබෙ­නවා. ඉතිං අපි ළඟ මේ ඖෂධ හිඟ වෙන්නෙ කොහො­මද? ඩෙක්ස­මෙ­ත­සෝන් මාසික අව­ශ්‍ය­තාව මිලි­යන 9ක් වන විට අපි ළඟ මිලි­යන 62ක් තිබෙ­නවා. මේවා කළ­ම­නා­ක­ර­ණය කර­ගෙන යනවා. මූලා­ශ්‍රය සජිත් ප්‍රේම­දාස කියලා කීවා. ඒ නිසා තමයි මම ඉදි­රි­පත් කළේ. මූලා­ශ්‍රය සජිත් ප්‍රේම­දාස කියලා තිබෙන්නේ පට්ට­පල් බොරු­වක්. අපි ආවොත් නුවර පෙර­හර තියන්න දෙන්නෙ නෑ, අපි ආවොත් කඩ පවරා ගන්නවා, අපි ආවොත් අයි.එම්.එෆ්. එකට දුවන්න වෙනවා කියලා කීවා. එහි දිගු­වක් විදි­යට තමයි මේ ඖෂධ හිඟය ඉදි­රි­පත් කර තිබෙන්නේ. සජිත් ප්‍රේම­දාස යම් තැනක මූලා­ශ්‍ර­යක් බවට පත්වෙ­නවා නම් යළි යළිත් එය බොරු­වක් බවට ඔප්පු කර තිබෙ­නවා. අල, ලූනු හිඟ­යක් ආවොත් පර්මිට් එකක් ඉෂූ කරලා සති දෙකෙන් තුනෙන් ඒවා පිට­ර­ටින් ගෙන්න ගන්න පුළු­වන්. නමුත් එහෙම ඖෂධ ගෙන්වන්න බෑ. මේක 2024 වසරේ ටෙන්ඩර් නොකි­රීමේ ගැට­ලු­වක්. එය අපි ක්‍රමා­නු­කූ­ලව නිවැ­රදි කර­නවා. ඖෂධ 868ක් තිබෙ­නවා. වෛද්‍ය සැප­යීම් අංශය එයින් 464 ක් ප්‍රස­ම්පා­ද­නය කර­නවා. 2024 දෙසැ­ම්බර් මස 31 වැනිදා වන විට රාජ්‍ය ඖෂධ නීති­ගත සංස්ථාව ඉන්ඩෙන්ට් ඉෂූ කර තිබුණේ 114කට. මුදල රුපි­යල් බිලි­යන 4යි. මේ වසරේ නොවැ­ම්බර් මස 21 වැනිදා ටෙන්ඩ­ර්ව­ලින් 450ක් කෝල් කළා. 2024 නොවැ­ම්බර් මාසය වන විට 328යි ඉෂූ කර තිබුණේ. පසු­ගිය වසරේ එස්.පී.සී. එක ඖෂධ මිලදී ගැනී­ම්ව­ලට විය­දම් කර තිබුණේ රුපි­යල් බිලි­යන 48යි. මේ වන විට රුපි­යල් බිලි­යන 110ක් අපි වෙන්කර තිබෙ­නවා. ඖෂධ ගැට­ලුව නිරා­ක­ර­ණ­යට කොත­රම් අපි කට­යුතු කර­න­වාද කියලා මෙම­ඟින් පෙනී යනවා. එරා­වුර් මූලික රෝහලේ අවශ්‍ය ඖෂධ 115න් 109ක් තිබුණා. මොන­රා­ගල, බඩ­ල්ගම ප්‍රාදේ­ශීය රෝහලේ අවශ්‍ය ඖෂධ 106න් 101ක් තිබුණා. තණ­ම­ල්විල ප්‍රාදේ­ශීය රෝහලේ අවශ්‍ය ඖෂධ 204න් 184ක් තිබුණා. ත්‍රිකු­ණා­ම­ලය, නින්ද­වූර් මූලික රෝහලේ අවශ්‍ය ඖෂධ 410න් 395ක් තිබුණා. සවි­න්ද­මු­රුතු ප්‍රදේ­ශීය රෝහලේ අවශ්‍ය ඖෂධ 188න් 185ක් තිබුණා. අම්පාර, පදි­ය­ත­ලාව රෝහලේ අවශ්‍ය ඖෂධ 159න් 139ක් තිබුණා. පානම ප්‍රාදේ­ශීය රෝහලේ අවශ්‍ය ඖෂධ 196න් 174ක් තිබුණා. වෙන­දාට වඩා ඖෂධ ලැබෙ­නවා කියලා ඒ රෝහ­ල්වල අය දන්නවා. අපට පොඩි කාල­යක් දෙන්න. අපි මේ ඖෂධ ගැට­ලුව නිරා­ක­ර­ණය කර­නවා.

කව­දා­ක­වත් ඖෂධ 350ක මිල අඩු කර තිබුණේ නෑ. මීට කලින් 2017දී ඖෂධ 48ක මිල අඩු කළා. අඩු කර­මින් පසු­කා­ලී­නව නැවත මිල වැඩි කළා. ඖෂධ මිල සූත්‍ර­යක් අපි හඳු­න්වා­දෙ­මින් ඖෂධ 350ක මිල අඩු කළා. ජන­තා­වට එය විශාල සහ­න­යක්. මේ ගැන විප­ක්ෂයේ කිසි­වෙක් කතා කළේ නෑ. කෝ ඇමෙ­ක්සලෝ ඉන්ජෙ­ක්ෂන් එක රුපි­යල් 1492කට තිබුණේ. එය රුපි­යල් 1025 දක්වා අඩු වෙනවා. කෙෆො­ටැ­ක්ෂීන් ඉන්ජෙ­ක්ෂන් එක රුපි­යල් 506ට තිබූ එක රුපි­යල් 425 දක්වා අඩු වෙනවා.

ලොර­ට­ඩීන් සිරප් එක 513ට තිබූ එක රුපි­යල් 431ක් දක්වා අඩු වෙනවා. පිළිකා සඳහා භාවිත කරන ටැක්ස­ලින් ඉන්ජෙ­ක්ෂන් එක රුපි­යල් 42,000ට තිබූ එක රුපි­යල් 26,332ක් දක්වා අඩු වෙනවා. කාර්මෙ­ස­පින්ට ටැබ්ලට් එක රුපි­යල් 58 තිබූ එක රුපි­යල් 47 දක්වා අඩු වෙනවා. බ්‍රේන් ඩැමේජ් සඳහා භාවිත කරන නිම­ඩො­ෆි­යුන් අයි.වී. ඉන්ෆි­යු­සින් එක රුපි­යල් 6350ට තිබූ එක රුපි­යල් 4100ට අඩු වෙනවා. මෙලෙස ඖෂධ 350ක මිල අඩු වෙනවා. තව මාස කිහි­ප­ය­කින් තවත් ඖෂධ 250ක මිල අඩු කර­නවා. රජ­යක් විදි­යට වස­රක් ගත වන විට ඉති­හා­සයේ වැඩිම ඖෂධ ප්‍රමා­ණ­යක මිල අඩු කළ ආණ්ඩුව විදි­යට ජන­තා­වට සහන දී තිබෙ­නවා.”

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *