කජ්ජාගේ පුත්‍රයාගෙන් මාධ්‍යයට පාපොච්චාරණයක්

රගර් ක්‍රීඩක වසීම් තජුඩීන් මියගොස් සිටි රථයට පිටුපසින් ගමන්ගත් සැකකටයුතු රථයක අරුණ විදානගමගේ හෙවත් කජ්ජා සිට ඇතැයි ඔහුගේ බිරිඳ කළ අනාවරණය සම්බන්ධයෙන් කජ්ජාගේ වැඩිමහල් පුත්‍රයා ඊයේ (01) සමාජ මාධ්‍ය හා විද්‍යුත් මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් සිදුකළේය.

විමර්ශනයට අදාළ CCTV දර්ශන කජ්ජාගේ සහෝදර සහෝදරියන්ට පෙන්වා එහි සිටින්නේ ඔවුන්ගේ සහෝදරයාදැයි විමසීමට කටයුතු නොකරන්නේ ඇයිදැයි ඔහු පොලීසියෙන් විමසා සිටියි.

2012 වසරේ රගර් ක්‍රීඩක වසීම් තජුඩීන් මියගොස් සිටි රථයට පිටුපසින් ගමන්ගත් සැකකටයුතු රථයක ,පසුගියදා මිද්දෙණියේදී ඝාතනයට ලක්වූ අරුණ විදානගමගේ හෙවත් කජ්ජා සිට ඇතැයි ඔහුගේ බිරිඳ අනාවරණ කළ බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී මිනුර සෙනරත් මහතා පෙරේදා (30) අනාවරණ කළේය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අරුණ විදානගමගේ හෙවත් කජ්ජාගේ වැඩිමහල් පුත්‍රයා වන ඉඳුවර විදානගමගේ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් ද තබා තිබුණි.

උපුටා ගැනීම

“පොලීසිය පවසන ආකාරයට වසීම් තජුඩීන් පසුපස හඹා යන මෝටර් රථයේ පසුපස හඹායන මෝටර් රථයට නගින ලද පුද්ගලයා මිද්දෙණියෙ කජ්ජා නොහොත් අරුණ ප්‍රියන්ත බව ඔහුගේ හිටපු බිරිඳ පිළිගෙන ඇති බවට පොලීසිය විසින් නිවේදනය කර ඇත.

ඇයි පොලීසිය විසින් අරුණ ප්‍රියන්ත නොහොත් මිද්දෙණිය කජ්ජගේ සහෝදර සහෝදරියන්ගෙන් මෙම CCTV දර්ශන පෙන්වා එම දර්ශනයේ සිටින්නේ තමන්ගේ සහෝදරයාද බවට අසන්නේ නැත්තේ ඇයි?”

උපුටා ගැනීම අවසන්.

අරුණ විදානගමගේ ගේ පුත්‍රයා අද පස්වරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ද පවත්වා අදහස් පළ කළ අතර එහිදී, සිය පියාගේ මරණයෙන් පසු තම මවගේ ගිණුමට බැර වූ බව කියන මුදලක් පිළිබඳව ද ඔහු අනාවරණයක් කළේය.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *