පාක්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් 4 නඩුව අද (11) දිනයේ කොළඹ කොටුව මහේස්ත්‍රත් අධිකරණයේදී මහේස්ත්‍රාත් නීතීඥ ඉසුරු නෙත්තිකුමාර මහතා ඉදිරියේදී කැඳවනු ලැබුවා.
එම නඩුවේ තුන්වෙනි සැකකරු ලෙස නම් කර ඇති හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගැනීමට හේතු සම්බන්ධයෙන් සම්පීඩන වාර්තාවක් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා.
මෙම නඩුවේ තුන්වෙනි සැකකරු සුරේෂ් සලේ මහතා වෙනුවෙන් ජනපති නීතීඥ අනුජ ප්‍රේමරත්න මහතාද, අගතියට පත් පාර්ශ්ව වෙනුවෙන් නීතීඥ මනුෂිකා කුරේ මෙනවිය සහ මෙම නඩුවේ පළමු සහ දෙවැනි විත්තිකරුවන් වෙනුවෙනු ජනාධිපති නීතිඥ නිසාම් කාරියප්පර් මහතාද පෙනී සිටියා.
නඩුව කැඳවූ අවස්ථාවේදී නිසාම් කාරියප්පර් මහතා අධිකරණය හමුවේ කරුණු දැක්වමින් සඳහන් කළේ, පෙර දින නඩුවේ දී පාස්කු ප්‍රහාරය හා සම්බන්ධයෙන් පළමු සහ දෙවන සැකකරුවන් එනම්, රාජ්‍ය බුද්ධ සේවයේ පොලිසරයෙන් ජෙකිල් පාස් සහ දෙවැනි සැකකරු ලෙස නම් කර සිටින පොලිස් බුද්ධි අංශයේ එවකට පොලිස් පරීක්ෂකවරයෙක් ලෙස සිටි නිශාන්ත යන අය පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සාක්ෂි තිබේ නම් ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබෙන බවයි.
එම අවසථාවේදි පළමු සහ දෙවැනි සැකකරුවන් සම්බන්ධයෙන් පෙර දින වැඩිදුර වාර්තාවේ සඳහන් කළ තොරතුරුවලට අමතරව, වෙනත් අලුත් තොරතුරු අනාවරණය වී ඇත්දැයි යන්න වග මහේස්ත්‍රාත්වරයා එම අවස්ථාවේදී විමසීමක් සිදු කළා.
ඒ අනුව, දෙවෙනි සැකකරු සම්බන්ධයෙන් යම් තොරතුරු අනාවරණය වී ඇති බව දැනුම්දුන්නා.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සෘජුව එම දෙදෙනා සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය නොවන බවත්, ඔවුන්ට එරෙහිව කරුණු අනාවර්ණය වන්නේ, වව්නතිව් විමර්ශන නොමඟ යැවීම සඳහා කටයුතු කිරීම සම්බන්ධයෙන් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම්දුන්නා.
ඉන් අනතුරුව, නීතීඥ අනුජ ප්‍රේමරත්න මහතා විමසා සිටියේ, තමන්ගේ සේවාදායකයා වන සුරේෂ් සලේ සම්බන්ධයෙන් ඉදිරිපත් වී තිබෙන සාක්ෂි මොනවාද යන්නයි.
එහිදී, ශ්‍රී ලංකා යුද හමුදා බුද්ධි අංශයේ දීර්ඝ කාලයක් සිට මීගමුව ප්‍රදේශයේ ඔත්තුකරුවෙක් සිට ඇති බවත්, එම ඔත්තුකරු හරහා මෙම තුවෙනි සැකකාර සුරේෂ් සලේ මහතා හස්තුන් යන පුද්ගලයා විසින් කටුවාපිටිය දේවස්ථානයට බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමට පෙන්නා ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළා.



