විදුලි වෘත්තිය සමිති වර්ජනය අවසන්

පසුගිය 09 වැනිදා පස්වරුවේ සිට ක්‍රියාත්මක වූ විදුලි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට වෘත්තීය සමිති එකඟතාව පළ කර තිබෙනවා. කම්කරු කොමසාරිස්වරයා සහ නව විදුලි සමාගම්වල සභාපතිවරුන් සමග අද (11) පස්වරුවේ පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළැඹ තිබුණා. එහිදී ලැබුණු වැදගත්ම එකඟතාව වන්නේ, වෘත්තීය සමිති නියෝජිතයන්ට ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීම සඳහා හෙට (12) දිනයේ […]

“කටුවාපිටිය පල්ලිය අන්තවාදීන්ට පෙන්වාදී ඇත්තේ සලේ..”

පාක්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් 4 නඩුව අද (11) දිනයේ කොළඹ කොටුව මහේස්ත්‍රත් අධිකරණයේදී මහේස්ත්‍රාත් නීතීඥ ඉසුරු නෙත්තිකුමාර මහතා ඉදිරියේදී කැඳවනු ලැබුවා. එම නඩුවේ තුන්වෙනි සැකකරු ලෙස නම් කර ඇති හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගැනීමට හේතු සම්බන්ධයෙන් සම්පීඩන වාර්තාවක් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා. […]

“ඉන්ධන මිල වැඩි කලේ තෙල් සංස්ථාව.. ආණ්ඩුව නෙමෙයි..”

ඉන්ධන මිල සංශෝධනය රජය විසින් ගත් තීරණයක් නොව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) විසින් ස්වාධීනව ගත් තීරණයක් බව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා ප්‍රකාශ කළේ ය. අතීතයේදී අමාත්‍යවරුන් රාජ්‍ය ව්‍යවසායන්හි තීරණවලට අත්තනෝමතික ලෙස මැදිහත් වීම නිසා එම ආයතන අකර්මණ්‍ය වූ බව පෙන්වා දුන් ඒ මහතා, වත්මන් රජය එවැනි මැදිහත්වීම් සිදු නොකරන බව අවධාරණය කළේය. සංස්ථාවේ කටයුතු මෙහෙයවීම […]

ගෝඨාභය රාජපක්ෂට අල්ලස් කොමිසමට කැදවයි

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් පවත්වනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා මෙම මස 17 වැනිදා කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට නැවත දැනුම් දී ඇත. මීට පෙර අවස්ථාවකදී ද ඒ මහතාට කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබූ නමුත්, තමන් සිංගප්පූරුවේ සංචාරයක නිරත වන බැවින් එදිනට පැමිණීමට […]

“මේ ඉල්ලීම් දෙන්න ගියොත් 100%ක් විදුලිබිල වැඩි කරන්න වෙයි..”

විදුලි බල වෘත්තීය සම්ගම් කාරණ 64ක් සඳහා ඉල්ලීම් කළ බවත් ඉන් 62ක් සඳහා එකඟ වූ අතර එනෙක් කාරණා ද්විත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා සමග සාකච්ඡාවකට අවස්ථාව සලසා දුන් බවත් NTNSP පුද්ගලික සමාගමේ සභාපති නුසිත් කුමාරතුංග මහතා පවසනවා. අදාළ කාරණා 64න් බහුතරයක් විදුලිබල මණ්ලඩය සතු වරප්‍රසාද ඒ අයුරින්ම අවශ්‍ය බවට කළ ඉල්ලීම් වන අතර ඉන් […]

ආහාර මිල ගණන් ඉහළට

ආහාර ද්‍රව්‍යවල මිල ගණන් අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ නංවන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා. ඒ මිල ඉහළ නංවා ඇත්තේ, ගෑස් මිල ඉහළ යාම හේතුවෙන්. ඒ අනුව, තේ කෝප්පයක් රුපියල් 5කින්, කිරි තේ කෝප්පයක් රුපියල් 10කින්, කෙටි කෑම රුපියල් 10කින් මෙන්ම බත් සහ කොත්තු රුපියල් 25කින් මෙසේ මිල ඉහළ නංවා […]

“මට තෙල් ළිං නැහැ… මිල වැඩි කළේ මට ලාභ ගන්න නෙමෙයි..”

පවතින ගෝලීය තත්ත්වයන් හමුවේ ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවූයේ බලශක්ති සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාමේ වගකීම ඉටු කිරීමට මිස රජය හෝ තමා ලාභ ලැබීමේ අරමුණින් නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඊයේ (10) පස්වරුවේ පැවති තරුණ ලාංකික ව්‍යවසායකයන්ගේ මණ්ඩලයේ (COYLE) 2026 වාර්ෂික මහ සභා රැස්වීම අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. ලෝක වෙළඳපොළේ බොරතෙල් […]

වාහන අංක තහඩු මුද්‍රණය යළි ඇරඹේ

අක්‍රීයව තිබූ වාහන අංක තහඩු මුදුණය නැවත සක්‍රීය කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ සඳහා ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සවුත් ඒෂියන් ටෙක්නොලොජි සමාගම සමග ඊයේ (10) ගිවිසුම්ගත වී තිබෙනවා. ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ජ්‍යේෂඨ මහාචාර්ය කපිල සී. පෙරේරා, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කමල් අමරසිහ […]

ආර්ථික ආවේක්ෂණ කමිටුව රැස්වෙයි

බාහිර බලපෑම් හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සුරක්ෂිත කිරීමට සහ පුරවැසියන්ගේ සුභසාධනය ආරක්ෂා කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ යෝජනාවකට අනුව පිහිටුවන ලද ආර්ථික ආවේක්ෂණ කමිටුව ඊයේ (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස්වී තිබේ. මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය සහ කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවේ ලේකම් සහ කැඳවුම්කරු ලෙස ජනාධිපති […]

“වර්ජනය අතහැර සේවයට නාවොත් දැඩි පියවර ගන්නවා..”

පෙබරවාරි මස 28 වැනිදා නිකුත් කළ අංක 2477/47 දරන අතිවිශේෂ ගැසට්‌ පත්‍රය මගින් විදුලි බල සැපයුම සම්බන්ධ සියළුම සේවාවන් අත්‍යාවශ්‍ය සේවා බවට පත් කර තිබෙනවා. 2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලිබල පනත (සංශෝධිත) ප්‍රකාරව නියමිත දිනය වන 2026 මාර්තු 09 වැනිදා ලංකා විදුලිබල මණ්ඩලයේ කටයුතු ප්‍රධාන වශයෙන් අනුප්‍රාප්තික සමාගම් 04කට පවරා ඇති බව සඳහන්. […]