කතරගම බස්නායක නිළමේ ධුරයට තිළිණ මධුශංක

ඓතිහාසික රුහුණු මහ කතරගම දේවාලයේ වැඩ බලන බස්නායක නිලමේවරයා ලෙස කටයුතු කළ තිළිණ මධුසංඛ, එහි 13 වන බස්නායක නිලමේවරයා ලෙස නිතරගයෙන් අද තේරී පත්වුණා.

ඒ, බෞද්ධ කටයුතු කොමසාරිස් කේ.එම්.ජී. සේනාරත්නගේ ප්‍රධානත්වයෙන් මොණරාගල දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලයේ පැවති නිලවරණයේදීයි.

හිටපු බස්නායක නිලමේ වන ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකරගේ නිල කාලය පසුගිය ඔක්තෝබර් 22 වැනිදායින් අවසන් වූ අතර පසුව වැඩ බලන බස්නායක නිලමේවරයා ලෙස තිළිණ මධුසංඛ පත්කිරීමටයි බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා පියවර ගනු ලැබුවේ.

තිළිණ මධුසංඛ මේ වනවිට දෙවිනුවර උත්පලවර්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ බස්නායක නිලමේවරයා ලෙස ද කටයුතු කරනවා.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *