“හෙලිකොප්ටරය ගිංඔයට වැටුණේ කාර්මික දෝෂයකින්..”
වෙන්නප්පුව ලුණුවිල ප්‍රදේශයේදී ගිං ඔයට කඩා වැටුණු ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 ගුවන් යානයේ කාර්මික දෝශයක් පැවති බවට තමන්ට සහ ප්‍රධාන ගුවන් නියමුවාට වැටහුණු බව අදාළ යානයේ සහාය ගුවන් නියමු ලෙෆ්ටිනන් එරංග චාමර ඒකනායක අද (09) අධිකරණය හමුවේ සඳහන් කළේය. ඒ එම ගුවන් යානය කඩාවැටී එහි ප්‍රධාන ගුවන් නියමුවා මරුමුවට පත්වීම සම්බන්ධයෙන් වූ […]
කාර්යාල දුම්රිය හෙට සිට ධාවනය වෙන්නේ මෙහෙමයි
හෙට (10) සිට ප්‍රධාන මාර්ගයේ කාර්යාල දුම්රිය කිහිපයක් සාමාන්‍ය පරිදි ධාවනය කරවීමට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. පසුගියදා ඇතිවූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අඹේපුස්ස – අලව්ව අතර බුජ්ජොමුව දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගයේ පැවති බෝක්කුව, අසලින් ගලාබසින මා ඔය දෙසට තල්ලු වී කැඩීයාම හේතුවෙන් දුම්රිය මාර්ගය යටින් අඩි 45ක පමණ කුහරයක් ඇතිවී තිබුණි. […]
ජනාධිපති අනුරගෙන් ට්‍රම්ප්ට තුති
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට සිය කෘතඥතාව පළ කර තිබේ. ජනාධිපතිවරයා විසින් එලෙස අමෙරිකානු ජනාපතිවරයාට කෘතඥතාව පළ කර ඇත්තේ, අත්‍යවශ්‍ය අවස්ථාවක නැවතත් ශ්‍රී ලංකාව සමඟ රැඳී සිටීම සම්බන්ධයෙනි. ‘දිට්වා’ සුළි කුණාටුවේ දරුණු බලපෑමෙන් පසු, ශ්‍රී ලංකාවේ හදිසි සහන කටයුතු සඳහා සහාය වීමට අමෙරිකාව විසින් ඩොලර් මිලියන 2ක් ලබාදීට පියවර ගෙන […]
උසස් පෙළ ජනවාරි 12 වැනිදා සිට – පාසල් තෙවන වාර පරීක්ෂණය අවලංගුයි
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නොපැවැත්වූ විෂයන් එළැඹෙන ජනවාරි 12 වැනිදා නැවත ආරම්භ කිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. එමෙන්ම පාසල් 9,926ක් එළැඹෙන දෙසැම්බර් 16 වැනිදා සිට නැවත ආරම්භ කිරීමටත් සියලු පාසල්වල තෙවන වාර විභාගය අවලංගු කිරීමටත් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. කෙසේ වෙතත් වෙතත් 11 වෙනි ශ්‍රේණිය සඳහා පෙරහුරු විභාගයක් පැවැත්වීමටත් අධ්‍යාපන […]
ආපදා මරණ තවත් ඉහළට – 191ක් අතුරුදන්
දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ සංඛ්‍යාව 638ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. අද (09) උදෑසන 09.00ට නිකුත් කළ නවතම නිවේදනයට අනුව පුද්ගලයින් 191ක් තවමත් අතුරුදන්ව ඇත. පවුල් 501,958කට අයත් පුද්ගලයින් 1,737,330ක් අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව සිටී. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවට අනුව වැඩිම මරණ සංඛ්‍යාවක් […]
මියගිය හෝ අතුරුදන් වූ පුද්ගලයින්ගේ මරණ ලියාපදිංචි කිරීමට පියවර
“දිට්වා” සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් සිදුවූ නායයෑම් සහ ගංවතුර නිසා මරණයට පත්වූ හෝ අතුරුදන් වූ පුද්ගලයින්ගේ මරණ ලියාපදිංචි කිරීම සඳහා අවශ්‍ය වන නීතිමය ප්‍රතිපාදන මේ වන විටත් ක්‍රියාත්මක කර ඇති බව රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ මෙම ව්‍යවසනයෙන් යම් පුද්ගලයෙකුගේ, ඥාතියෙකු හෝ හිත මිතුරන් අතුරුදහන්ව ඇති බවට වාර්තා වී […]
කතරගම බස්නායක නිළමේ ධුරයට තිළිණ මධුශංක
ඓතිහාසික රුහුණු මහ කතරගම දේවාලයේ වැඩ බලන බස්නායක නිලමේවරයා ලෙස කටයුතු කළ තිළිණ මධුසංඛ, එහි 13 වන බස්නායක නිලමේවරයා ලෙස නිතරගයෙන් අද තේරී පත්වුණා. ඒ, බෞද්ධ කටයුතු කොමසාරිස් කේ.එම්.ජී. සේනාරත්නගේ ප්‍රධානත්වයෙන් මොණරාගල දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලයේ පැවති නිලවරණයේදීයි. හිටපු බස්නායක නිලමේ වන ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකරගේ නිල කාලය පසුගිය ඔක්තෝබර් 22 වැනිදායින් අවසන් වූ අතර පසුව වැඩ […]
උතුරට නැගෙනහිරට සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයට මි.මී 100ට වැඩි වැසි
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකිය. දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතී. දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1න් පමණ පසුව තැනින් තැන […]