කාර්යාල දුම්රිය හෙට සිට ධාවනය වෙන්නේ මෙහෙමයි

හෙට (10) සිට ප්‍රධාන මාර්ගයේ කාර්යාල දුම්රිය කිහිපයක් සාමාන්‍ය පරිදි ධාවනය කරවීමට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

පසුගියදා ඇතිවූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අඹේපුස්ස – අලව්ව අතර බුජ්ජොමුව දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගයේ පැවති බෝක්කුව, අසලින් ගලාබසින මා ඔය දෙසට තල්ලු වී කැඩීයාම හේතුවෙන් දුම්රිය මාර්ගය යටින් අඩි 45ක පමණ කුහරයක් ඇතිවී තිබුණි.

එම නිසා ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය අවහිර වීමෙන් ප්‍රධාන, උතුරු සහ නැගෙනහිර දුම්රිය මාර්ගවල දුම්රිය ධාවනය නතරවී තිබුණි.

ඒ හේතුවෙන් දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට අඹේපුස්ස දක්වා සීමා කරන ලදී.

දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ස්වේච්ඡා කණ්ඩායම් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් අඹේපුස්ස – අලව්ව අතර බුජ්ජොමුව දුම්රිය මාර්ගයේ පැවති බාධා ඉවත්කර අද දුම්රිය මාර්ගය යථාවත් කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.

ඒ අනුව හෙට දින උදෑසන කාර්යාල දුම්රිය ධාවනය පහත පරිදි සිදුකිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *