කැබිනට් මණ්ඩලයටම එරෙහිව සජබ CIDයට

ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ආනයනය කිරීමට වර්තමාන ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ගය හේතුවෙන් වසරකට රුපියල් කෝටි දහසකට වඩා අධික අලාභයක් සිදුවීම යන කරුණු මුල් කරගෙන වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයටම එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිලි කිරීමට සමගි ජන බලවේගය තීරණය කර ඇති බවත් එම පැමිණිලි ලබන සතියේදී එම ආයතන වලට ඉදිරිපත් කරන බවත් සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ප්‍රකාශ කරනවා.

මෙම ගල් අඟුරු ආනයනය කිරීම සඳහා අදාල සමාගමටම අවස්ථාව ලැබෙන ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයම වගකිවයුතු බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.

ප්‍රමිතියෙන් තොර මෙම ගල් අඟුරු ආනයනය කිරීම අදාල සමාගමට ලබාදීම සඳහා සැලසුම් සහගතව කැබිනට් මණ්ඩලය ක්‍රියාකර ඇති බවට ඔප්පු කළ හැකි සාක්‍ෂි තිබෙන බවද මන්ත්‍රීවරයා කියා සිටියා.

මෙසේ ගෙන්වා ඇති ගල් අඟුරු කිලෝවකින් නිපදවිය හැකි කිලෝ කැලරි ප්‍රමාණය 5900ට වඩා අඩු බව දැනට ලැබී ඇති වාර්තාවල සඳහන් බවත් ඒ අනුව එම ගල් අඟුරු තොගය ප්‍රතික්ෂේප කළ යුතුව තිබූ බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කරනවා .

කෙසේ නමුත් මෙම ගල් අඟුරුවල ප්‍රමිතිය සම්බන්ධයෙන් නොරොච්චෝලේ පිහිටි ලක්විජය බලාගාරයේ පැවැත් වූ පරීක්ෂණවලින් ගල් අඟුරු නියමිත ප්‍රමිතියෙන් තොර බව ඔප්පු වී ඇති නිසා මෙම බාල ගල් අඟුරු වංචාවට වර්තමාන ආණ්ඩුව අනිවාර්යයෙන්ම වගකිවයුතුයි බවයි මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *