“රටේ සංස්කෘතිය සහ සභ්‍යත්වය විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් පවතිනවා”

රටේ සංස්කෘතිය සහ සභ්‍යත්වය විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් ඇතැයි අස්ගිරි පාර්ශ්වයේ මහ නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහ නා හිමියන් පෙන්වා දෙනවා. උන්වහන්සේ මේ බව සඳහන් කළේ, බදුල්ල මුතියංගණය රජමහා විහාරයේ පැවැති ආගමික වැඩසටහනකට වැඩම කළ අවස්ථාවේදීයි. මෙම අවස්ථාවට අනුශාසනා කළ උන්වහන්සේ වර්තමානයේ බුදුදහමට සහ සිංහල සංස්කෘතියට එල්ල වී ඇති අභියෝග පිළිබඳව සිය අවධානය යොමු කරනු […]

ස්වේච්ඡාවෙන් විශ්‍රාම යන්න ඉන්න ලංවිම සේවකයින් ජනපතිට ලියයි

ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ස්වේච්ඡාවෙන් විශ්‍රාමයාම සඳහා ඉල්ලුම්කර ඇති සේවකයින් 2,200 දෙනාගේ ජීවනෝපාය සුරැකීම සඳහා මැදිහත් වන්නැයි එම සේවකයින් විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර ඇතැයි වාර්තා වේ. අදාළ ලිපිය මගින් එම සේවකයින් සඳහන් කර ඇත්තේ ලබා දුන් නිශ්චිත කාල රාමුවක් තුළ ස්වේච්ඡාවෙන් විශ්‍රාම යාමට තීරණය කරන ලද අතර ඒ හා සමගාමීව ඔවුන්ගේ […]

කීර්තිගේ පිටකවරෙට නලින්දගෙන් උත්තර

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළහොත් විපක්ෂයේ පැරණි දේශපාලනය යළි ක්‍රියාත්මක කර ගැනීමට නොහැකි වීම නිසා, ඔවුන් මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නැවැත්වීම වෙනුවෙන් උපරිමයෙන් කටයුතු කරමින් සිටින බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් සමග අධ්‍යාපනය විකිණිම පුද්ගලිකරණය වැනි වචන කරලියට පැමිණෙන බව පැවසු නලින්ද ජයතිස්ස මහතා වර්ථමාන අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට සජිත් ප්‍රේමදාස මහතා විසින් නව […]

දුම්රිය මාර්ග කිහිපයක් වැසේ

ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් හෙට (19) සිට ස්ථාන කිහිපයකින් උතුරු දුම්රිය මාර්ගය තාවකාලිකව වසා තැබීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව හෙට සිට මහව – අනුරාධපුර මාර්ග කොටස තාවකාලිකව වසා තැබෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරි රවීන්ද්‍ර පත්මප්‍රිය මහතා පවසනවා.  ලබන 26 වන දින සිට මහව – ඕමන්ත දුම්රිය මාර්ග කොටස සම්පූර්ණයෙන් වසා තැබීමට පියවර ගෙන තිබෙනවා. තව ද […]

ඉන්දියාව වසර 37ක් පුරා සුරැකි අභිමානයක් බිඳවැටෙයි

සත්කාරක ඉන්දීය කණ්ඩායමට එරෙහි අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 41ක පහසු ජයක් ලැබීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය. ඒ අනුව තරග 3කින් යුත් තරගාවලිය තරග 2-1ක් ලෙස ඔවුන් ජය ගත්තේය. මෙය ඉන්දියාවට එරෙහිව ඉන්දියාවේ දී නවසීලන්තය ලැබූ පළමු එක්දින තරගාවලි ජය ලෙස ඉතිහාසයට එක්විය. 1988 වසරේ සිට ඉන්දියාවේ සංචාරය කරන නවසීලන්තය වසර 37ක මේ දක්වා වූ කාලය […]

“අනුර කියන්නේ එළාරගේ නැවත ඉපදීමක්..”

පොහොය දිනවලට අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේ පසුකරගෙන යාපනයට පැමිණීමේදී එහි ඇත්තේ සීලය නොව වෛරය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යාපනයේදී සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අදහස් පල කර තිබුණා. එහිදී ඔහු සඳහන් කර සිටියේ, වන්දනාමාන සඳහා බෞද්ධයින් යන විහාරස්ථාන පිළිබඳව තීරණය කිරීමට රටේ ජනාධිපතිවරයාට කිසිදු […]

හල්දුම්මුල්ලේදී බස් රථයක් පෙරළෙයි: රියැදුරු මරුට

කොළඹ සිට වැලිමඩ දක්වා ධාවනය වූ බස් රථයක් හල්දුම්මුල්ල ඌවතැන්න ප්‍රදේශයේදී පෙරළීමෙන් අයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම අනතුරින් බස් රථයේ රියැදුරුවරයා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය පවසන්නේ. ධාවනය වෙමින් තිබූ බස් රථයේ රියදුරු අසුන පිහිටි ස්ථානයේ දොර හදිසියේ විවෘතව ඇති බවත් ඒ අවස්ථාවේදී රියදුරු එම දොර වැසීමට උත්සාහ ගෙන ඇති බව වාර්තා වනවා. එහිදී බස් […]

කැබිනට් මණ්ඩලයටම එරෙහිව සජබ CIDයට

ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ආනයනය කිරීමට වර්තමාන ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ගය හේතුවෙන් වසරකට රුපියල් කෝටි දහසකට වඩා අධික අලාභයක් සිදුවීම යන කරුණු මුල් කරගෙන වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයටම එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිලි කිරීමට සමගි ජන බලවේගය තීරණය කර ඇති බවත් එම පැමිණිලි ලබන සතියේදී එම ආයතන වලට ඉදිරිපත් […]

ප්‍රමාද වුණු රියදුරු බලපත්‍ර නිවසටම

පසුගිය දෙවසර පුරා ඇති කාඩ්පත් හිඟය හේතුවෙන් නිකුත් කිරීමට නොහැකිව ලක්ෂ පහකට ආසන්න රියැදුරු බලපත්‍ර, එළඹෙන මාර්තු මාසය නිමවීමට පෙර අදාළ අයිතිකරුවන් වෙත යොමු කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා සඳහන් කළේ, දැනටමත් ලක්ෂ අටක හිස් කාඩ්පත් ප්‍රමාණයක් සපයාගෙන ඇති බැවින් මුද්‍රණ කටයුතු වේගවත් කර […]

නන්දන ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම හිටපු අමාත්‍යවරයෙකු වූ නන්දන ගුණතිලක මහතා අද (18) අලුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා. කලක් රෝගාතුරව සිටි ඒ මහතා රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වන විට 63 වන වියේ පසු වුණා. ජනතා විමුක්ති පෙරමුණේ මුල් කාලීන ප්‍රබල සාමාජිකයෙකු වූ ඒ මහතා, එම පක්ෂය නියෝජනය කරමින් ජනාධිපතිවරණයට ද තරඟ කළා. එක්සත් ජනතා නිදහස් […]