කැබිනට් සංශෝධනය සිදුවන තුරු දන්නෙත් නෑ – ලාල් කාන්ත

කැබිනට් සංශෝධනයක් පිළිබඳව එය ප්‍රකාශයට පත් කරන තුරු කිසිවෙකුත් දැන නොසිටි බව අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත සඳහන් කරයි.

ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් සිය ධුරයේ වැඩ භාර ගැනීමේ අවස්ථාවට අද (14) එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

“ආණ්ඩුව ඇතුළේ කිසිදු අර්බුදයක් නැහැ. ආණ්ඩුව ඇතුළේ හොඳ අපූරුවට පවතින බව මේකෙන් හොඳින් පැහැදිලි වනවා.” යැයිද ඔහු සඳහන් කර සිටියේ ය.

සාමාන්‍යයෙන් පක්ෂය තුළ අර්බුද පවතිනවා නම් ඒවා පිටතට යන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

කෙසේවෙතත් කැබිනට් සංශෝධනය පිළිබඳව එය ප්‍රකාශයට පත් කරන තුරු දැන නොසිටීමෙන් පෙනී යන්නේ ආණ්ඩුව තුළ කිසිදු අභ්‍යන්තර ගැටුමක් නොමැති බව යැයිද ඔහු එහිදී පෙන්වා දුන්නේය

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *