කිසිදාක මදුරුවන් නොසිටි රටකින් මදුරුවෙක් හමුවෙයි

මදුරුවන් නොමැති රටක් ලෙසින් හඳුනාගෙන තිබූ අයිස්ලන්තයෙන් පළමුවරට මදුරුවන් සොයාගෙන තිබේ. 

මෙවර වසන්ත සමයේ දී එරට උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළ යෑම මදුරුවන් බෝවීමට හේතුවක් වී ඇති බව සඳහන්.

කෘමි සතුන් සම්බන්ධයෙන් උනන්දුවක් එරට වැසියෙකු සලබයන් නිරීක්ෂණය කරමින් සිටියදී මෙලෙස මදුරුවන්ට සොයාගැනීමට හැකිව තිබේ.

අයිස්ලන්තයෙන් මදුරුවන් සොයාගැනීමට පෙර එරට හා ඇන්ටාක්ටිකාව ලෝකයේ මදුරුවන්ගෙන් තොර ප්‍රදේශ ලෙස නම්කර තිබුණි.

එම ප්‍රදේශයන්හි පවතින අධික සීතල දේශගුණය එයට හේතුවී ඇත.

අයිස්ලන්තයේ උෂ්ණත්වය ඉහළ යන්නේ වසරේ මැයි මාසයේ වුවත්, එය සෙල්සියස් අංශක 20ට වඩා වැඩිවන්නේ කලාතුරකින්ය.

අයිස්ලන්තයේ හමු වූ මදුරු විශේෂය යුරෝපයේ සහ උතුරු අප්‍රිකාවේ ඇතැම් ප්‍රදේශවල බහුලව දක්නට ලැබෙන නමුත්, ඔවුන් අයිස්ලන්තයට ළඟා වූයේ කෙසේද යන්න මෙහෙක් හෙළි වී නොමැත.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *