කිසිදා ‘ටයිටැනික්’ නොබැලූ ජැක්

ලෝක ප්‍රකට හොලිවුඩ් නළු ලියනාඩෝ ඩිකැප්‍රියෝ, සිය වසර 35ක රංගන ජීවිතයේ අතිසාර්ථකම සිනමා නිර්මාණය වන ‘ටයිටැනික්’ (Titanic) චිත්‍රපටය මෙතෙක් නරඹා නොමැති බව පවසා තිබෙනවා.

ඔහුගේ එම හෙළිදරව්වත් සමග රසිකයන් දැඩි මවිතයකට පත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ වනවිට 51 වන වියේ පසුවන මෙම ඔස්කාර් සම්මානලාභී ඔහු, Variety සඟරාවේ ‘Actors on Actors’ වැඩසටහන සඳහා ජෙනිෆර් ලෝරන්ස් සමග සහභාගී වූ අවස්ථාවකදීයි මෙම අදහස් පළ කර ඇත්තේ.

“නැහැ, මම ඒක බලලා නැහැ,” යනුවෙන් ඩිකැප්‍රියෝ පවසද්දී, මවිතයට පත් වූ ජෙනිෆර් ලෝරන්ස් සඳහන් කර ඇත්තේ, “අයියෝ, ඔබ එය නැරඹිය යුතුමයි! මම ඔට්ටු අල්ලනවා දැන් ඒක බැලුවත් ඔබට ඒක ගොඩක් හොඳයි කියලා හිතෙයි” යනුවෙන්.

තමන් රඟපෑ චිත්‍රපට නැවත නැරඹීමේ පුරුද්දක් තමන්ට නොමැති බව මෙයට පිළිතුරු දෙමින් ඩිකැප්‍රියෝ සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

මෙම පුවතත් සමග X සමාජ මාධ්‍ය ජාලය හරහා රසිකයන් විවිධ ප්‍රතිචාර දක්වා තිබෙනවා.

1997 වසරේ තිරගත වූ ‘ටයිටැනික්’ චිත්‍රපටය ඩොලර් බිලියන 2.264ක ආදායමක් උපයමින් ඔස්කාර් සම්මාන 11ක් දිනා ගැනීමට සමත් වූවා.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *