කෙහෙළියගේ සහ ජයකොඩිගේ වෙනස පැහැදිලි කරන බිමල්

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ බාල ඖෂධ ගනුදෙනුව සහ වත්මන් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එල්ල වී තිබෙන ගල් අඟුරු ගනුදෙනුව එකිනෙකට හාත්පසින්ම වෙනස් සිදුවීම් දෙකක් බව සභානායක බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළා.

මෙම සිදුවීම් දෙක සැසඳීමේදී පෙනී යන ප්‍රධානතම වෙනස වන්නේ අදාළ ගනුදෙනු සිදුකිරීමේදී පැවති ‘අභිප්‍රාය’ සහ ‘ක්‍රියාවලිය’ බව සභානායකවරයා පෙන්වා දුන්නා.

කෙහෙළිය රඹුක්වැල්ල මහතා සම්බන්ධයෙන් අදහස් දක්වමින් බිමල් රත්නායක මහතා කියා සිටියේ, ඔහු හිතාමතාම වංචා සිදු කිරීමේ අරමුණින් පවතින නීත්‍යානුකූල ක්‍රියාවලිය විනාශ කළ බවයි.

“කෙහෙළිය ඇමතිතුමාගේ අරමුණ වුණේ හොරකම් කිරීමයි. ඒ හොරකම වෙනුවෙන් ඔහු සම්මත ක්‍රියාවලිය විනාශ කළා.” යැයි සභානායකවරයා සඳහන් කළා.

මේ අතර, බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් ඔහු කියා සිටියේ, එහිදී කිසිදු ආකාරයක දූෂණ අරමුණක් නොමැති බවයි.

“කුමාර ජයකොඩි ඇමතිවරයාට හොරකම් කිරීමේ වුවමනාවක් නැහැ.අරමුණක් තිබුනෙත් නැහැ. ඒ නිසා ක්‍රියාවලිය වෙනස් කරේ නෑ.”

අමාත්‍යවරයාට කිසිදු අවස්ථාවක හොරකම් කිරීමේ වුවමනාවක් හෝ අරමුණක් නොතිබූ බවත්, දූෂිත අරමුණක් නොමැති බැවින් ඔහු රජයේ පවතින ක්‍රියාවලිය වෙනස් කිරීමට හෝ විකෘති කිරීමට කටයුතු නොකළ බවත් ඔහු සඳහන් කළා.

එහිදී බිමල් රත්නායක මහතා වැඩිදුරටත් කියා සිටියේ,

“දැන් කෙහෙළිය ඇමතිතුමාගේ ප්‍රශ්නයයි, කුමාර ජයකොඩි ඇමතිතුමාගේ ප්‍රශ්නයයි අපි ඇත්තටම ගමු. කෙහෙළිය ඇමතිතුමා ක්‍රියාවලිය විනාශ කරා හොරකම වෙනුවෙන්. එයාගේ අරමුණක් තිබුණා හොරකම් කරන්න. එයා ඒ වෙනුවෙන් ක්‍රියාවලිය විනාශ කළා. හැබැයි ජයකොඩි ඇමතිතුමාට හොරකම් කරන්න උවමනාවක් තිබුනෙත් නෑ. අරමුණක් තිබුනෙත් නැහැ. ඒ නිසා ක්‍රියාවලිය වෙනස් කරේ නෑ.”

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *