රනිල් සිංගප්පූරු ගිය ඇත්ත හේතුව හෙළිවෙයි

මෙරට වෛද්‍යවරුන්ට හිරිහැර සිදු නොවීම පිණිස ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය වෛද්‍ය පහසුකම් සඳහා ශ්‍රී ලංකාව වෙනුවට සිංගප්පූරුව තෝරා ගත් බව වජිර අබේවර්ධන පවසයි. සිංගප්පූරුවේ හෘද සැත්කමකට භාජනය වූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ බ්‍රහස්පතින්දා දිවයිනට පැමිණ තිබිණි. රෝහලේ සුවය ලබමින් සිටියදී ඔහු බැලීමට අමුත්තන් කිහිප දෙනෙකුම පැමිණ තිබිණි. ඔවුන් අතර සිංගප්පූරුවේ හිටපු විදේශ කටයුතු අමාත්‍ය ජෝර්ජ් […]

ඥාණසාර හිමිගේ මහ මොළකරු ප්‍රකාශයට ඇමති ආනන්දගෙන් උත්තරයක්

පාස්කු ප්‍රහාරයේ මහා මොළකරුවන් සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන් සහ විපක්ෂයේ කණ්ඩායම් සිදුකරන ප්‍රකාශ, තමන් වෙත එල්ල වන චෝදනාවලින් ගැලවීමේ උත්සාහයක් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා. විශේෂයෙන්ම පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් මෑතකදී කළ ප්‍රකාශයන් සහ විපක්ෂයේ චෝදනා පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා අවධාරණය කළේ, රජය පුද්ගලික මතයන් පස්සේ හඹා නොයන බවත්, විද්‍යාත්මක සහ සාක්ෂි සහිත […]

“කුමාර ජයකොඩි වැරදිනම් එයා ඇතුළේ..”

2009 වසරේ සිට මේ දක්වා මෙරටට ගෙන්වන ලද ගල් අඟුරු නැව් 400කට අධික ප්‍රමාණයක ටෙන්ඩර් පටිපාටීන් සහ මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ප්‍රසන්න ගුණසේන මහතා පවසනවා. මෙම විමර්ශන කටයුතු සඳහා දැනට සේවයේ නියුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු පත් කර ඇති අතර, විමර්ශනවල පාරදෘශ්‍යභාවය වෙනුවෙන් අදාළ ප්‍රධාන කාර්යාලයට දැනටමත් සීල් තබා ඇති බව ද […]

අවුරුදු ක්‍රීඩා සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විශේෂ මාර්ගෝපදේශ මාලාවක්

අලුත් අවුරුද්ද වෙනුවෙන් පැවැත්වෙන සාම්ප්‍රදායික ජන ක්‍රීඩා ඇතුළු අලුත් අවුරුදු ක්‍රීඩා උත්සව සඳහා මෙවර සෞඛ්‍ය අමාත්‍යංශය පොදු මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙන්නේ තරග සංවිධානයේදී මෙම මාර්ගෝපදේශ පිළිබඳව වැඩි අවධානයක් යොමුකරන ලෙසයි. අලුත් අවුරුදු ක්‍රීඩා තරග පැවැත්වෙන ස්ථාන සහ ප්‍රදේශ තරග පැවැත්වීමට පෙර හොඳින් පරීක්ෂා කිරීම, භාවිත කරන උපකරණ පරීක්ෂා කර ඒවායෙහි […]

කෙහෙළියගේ සහ ජයකොඩිගේ වෙනස පැහැදිලි කරන බිමල්

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ බාල ඖෂධ ගනුදෙනුව සහ වත්මන් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එල්ල වී තිබෙන ගල් අඟුරු ගනුදෙනුව එකිනෙකට හාත්පසින්ම වෙනස් සිදුවීම් දෙකක් බව සභානායක බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළා. මෙම සිදුවීම් දෙක සැසඳීමේදී පෙනී යන ප්‍රධානතම වෙනස වන්නේ අදාළ ගනුදෙනු සිදුකිරීමේදී පැවති ‘අභිප්‍රාය’ සහ ‘ක්‍රියාවලිය’ බව සභානායකවරයා පෙන්වා දුන්නා. […]

“ඇමරිකානු ජනාධිපති විවේචනය කරන පාප් වහන්සේ කෙනෙක් මට අවශ්‍ය නෑ..”

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කතෝලික සභාවේ ශුද්ධෝත්තම 14වන ලියෝ පාප් වහන්සේ අතර දැඩි වාග් යුද්ධයක් නිර්මාණය වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. ට්‍රම්ප්ගේ විදේශ සහ ආගමන විගමන ප්‍රතිපත්ති පාප් වහන්සේ විසින් විවේචනය කිරීමට ප්‍රතිචාර දක්වමින්, ට්‍රම්ප් සිය ‘Truth Social’ ගිණුම හරහා සටහනක් තබා තිබෙනවා. එම සටහන මගින් ජනපති ට්‍රම්ප් පැවසුවේ මෙවැනි අදහසක්. පාප් ලියෝ […]

අවුරුද්දට ගම්බිම් බලා යන්න අදත් බස්

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද හේතුවෙන් ගම් බිම් බලා පිටත්ව යන ජනතාව වෙනුවෙන් අද (13) දිනයේත් මගී අවශ්‍යතාවය අනුව බස්රථ යෙදවීමට කටයුතු කරන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.  අප කළ විමසීමකදී එහි සභාපති සංජීව කනගරත්න මහතා පැවසුවේ කොළඹ සිට පිට පළාත් වලට ගමන් කරන මගීන්ගේ අඩුවක් ඊයේ පස්වරුව වන විට දක්නට ලැබුණ බවය.  කෙසේ […]