කොළඹ ගංවතුර වලක්වන සැලැස්ම තවම හදනවා – පුරපතිනි බල්තසාර්

කොළඹ නගරයේ නිරන්තරයෙන් පවතින වැසි ජල කළමනාකරණ ගැටලුවට විසඳුම් ලබාදීම සඳහා සෙසු රාජ්‍ය ආයතනවල සහය ඇතිව පුළුල් වැඩපිළිවෙළක් සකස් කරමින් සිටින බව කොළඹ මහ නගර සභාවේ පුරපතිනි ව්‍රායි කැලි බල්තසාර් පවසයි.

අයහපත් කාලගුණ තත්ත්වයන්ට සාර්ථකව මුහුණ දීම සඳහා මේ වන විටත් කොළඹ ප්‍රජා ශාලා සූදානම් කර ඇති බව පෙන්වා දෙන පුරපතිනිය, මෙම ගැටලුව සඳහා කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගුකාලීන විසඳුම් සහිත ක්‍රමෝපායික සැලැස්මක් සකස් කරන බව සඳහන් කළාය.

කොළඹ නගරයේ උතුරු කොළඹ සහ මැද කොළඹ යන ප්‍රදේශ නිරන්තරයෙන් වැසි ජල ගැටලුවට මුහුණ දෙන බව හෙතෙම වැඩිදුරටත් පැවසුවාය.

එමෙන්ම, ආපදාවට පත් වන ජනතාවට කඩිනමින් සහන සැලසීම සඳහා අවශ්‍ය සියලු සහාය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට කොළඹ මහ නගර සභාව ලබා දෙන බව ද ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය ප්‍රකාශ කළාය.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *