විමල්ට එරෙහි නඩුවක් විභාගයට දින දෙයි

2010 වසරේ සිට 2015 වසර දක්වා කාලසීමාව තුළ රජයේ අමාත්‍යවරයකු වශයෙන් කටයුතු කරමින් සිය නීත්‍යානුකූල ආදායම අභිබවා රුපියල් මිලියන 75කට ආසන්න වත්කම් සහ මුදල් අත්පත් කරගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා ලැබ අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය විමල් විරවංශ මහතාට එරෙහිව ගොනු කර තිබෙන නඩුව එළැඹෙන දෙසැම්බර් 18වනදා සහ ජනවාරි 20වනදා යන […]

වැසිකිළි වලට වැටුණු සද්ධන්තයා ගොඩගනී

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මහරඹෑවැව හල්මිල්ලෑව ප්‍රදේශයේ නිවසක් අසල වූ වැසිකිළි වලකට ඊයේ (21) රාත්‍රි කාලයේදී වන අලියෙකු වැටී ඇතැයි රිටිගල වනජීවී කාර්යාලය පවසයි.මෙම වන අලියා පිළිබඳව එම නිවසේ අය දැනුවත් කිරීමෙන් පසු මොරගොඩ සහ රිටිගල වනජීවී කාර්යාලවල නිළධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව අද (22) උදෑසන බැකෝ යන්ත්‍රයක් ආධාරයෙන් මෙම වන අලියා ගොඩට […]

කාන්තාවන් වෙනුවෙන් පාර්ලිමේන්තුව රෝස පැහැ ගැන්වෙයි

සෑම වසරකම ඔක්තෝබර් මස ගෝලීය පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීමේ මාසය හෙවත් “රෝස පැහැති මාසය” ලෙස සලකනු ලබන අතර ඊට සහය පළ කරමින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ කථානායක ජගත් වික්‍රමරත්න යන මහත්ම මහත්මීන්ට පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීම සංකේතවත් කරන ලාංඡන පැළඳවීම සහ අත්පළදනා ලබා දීම අද (22) පාර්ලිමේන්තුවේදී සිදුවිය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් සංවිධානය […]

LPL තරගාවලිය මෙම වසරේ නැහැ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් වාර්ෂික සංවිධානය කරනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය මෙම වසරේ දී නොපැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (22) නිවේදනය කළේය. 2026 පෙබරවාරි-මාර්තු මාසයන්හිදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සම සත්කාරකත්වය යටතේ කණ්ඩායම් 20ක සහභාගිත්වයෙන් පැවැත්වෙන  ICC පිරිමි විස්සයි20 ලෝක කුසලානයට සූදානම්වීම සඳහා මෙම තීරණය ගත් බව එම නිවේදනයේ […]

කොළඹ ගංවතුර වලක්වන සැලැස්ම තවම හදනවා – පුරපතිනි බල්තසාර්

කොළඹ නගරයේ නිරන්තරයෙන් පවතින වැසි ජල කළමනාකරණ ගැටලුවට විසඳුම් ලබාදීම සඳහා සෙසු රාජ්‍ය ආයතනවල සහය ඇතිව පුළුල් වැඩපිළිවෙළක් සකස් කරමින් සිටින බව කොළඹ මහ නගර සභාවේ පුරපතිනි ව්‍රායි කැලි බල්තසාර් පවසයි. අයහපත් කාලගුණ තත්ත්වයන්ට සාර්ථකව මුහුණ දීම සඳහා මේ වන විටත් කොළඹ ප්‍රජා ශාලා සූදානම් කර ඇති බව පෙන්වා දෙන පුරපතිනිය, මෙම ගැටලුව සඳහා කෙටි […]

පියල් මනම්පේරි තවදුරටත් රිමාන්ඩ්

මිද්දෙණිය  ප්‍රදේශයේදී  අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගන්නා රාසායනික ද්‍රව්‍ය ළඟ තබාගැනිමේ චෝදනාවට අත්අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාර ගතව සිටින පියල් මනම්පේරි සහ විදුලි බල මණ්ඩලයේ සේවකයාගේ නඩුව අද (22) දින වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේදී කැඳවා තිබුණි. ඒ විඩියෝ තාක්ෂණය ඔස්සේ ය. පසුව ඔවුන් දෙදෙනාව නැවතත් මෙම මස 29වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වලස්මුල්ල […]

තවත් දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගුයි

අද දින ධාවනය වීමට නියමිතව තිබූ කොළඹ කොටුව සිට බදුල්ල හා බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිතව තිබූ රාත්‍රී තැපැල් දුම්රිය දෙක ඇතුළු ගමන් වාර 05 ක් අවලංගු කෙරේ  වලංගු වූ දුම්රිය කාලසටහන පහතින් දැක්වෙයි  පස්වරු  03.35 කොළඹ කොටුව සිට මහනුවර රාත්‍රී 08.30 කොළඹ කොටුව සිට බදුල්ල (රාත්‍රී තැපැල් පස්වරු 03.00 මහනුවර සිට කොළඹ කොටුව පස්වරු 03.25 මහනුවර සිට කොළඹ කොටුව පස්වරු 06.00 බදුල්ල […]

විදුලිබල මණ්ඩලයේ නව සමාගම් හතරෙහි සභාපතිවරු පත්කෙරේ

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ වැඩපිළිවෙළ යටතේ ස්ථාපිත කරන ලද සමාගම් හතරට අදාළ සභාපතිවරු සහ ඒවායෙහි අධ්‍යක්ෂ මණ්ඩල පත්කර ඇත විදුලිබල සංශෝධන පනත යටතේ පිහිටවනු ලැබු පූර්ණ රාජ්‍ය හිමිකාරීත්වය සහිත පුද්ගලික ආයතන හතර සඳහා පත්කළ අධ්‍යක්ෂ මණ්ඩලයට අදාල පත්විම් ලිපි ලබා දීම බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි ඒ අනුව නැෂනල් සිස්ටම් ඔපරේටර් […]

‘ශ්‍රී ලාංකික දිනය’ ජාතික වැඩසටහනට කැබිනට් අනුමැතිය

‘ශ්‍රී ලාංකික දිනය’ ලෙස ජාතික වැඩසටහනක් පැවැත්වීමට මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා විසින් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ප්‍රජාවන් අතර අවබෝධය වර්ධනය කරමින් සංහිඳියාවෙන් යුත් ශ්‍රී ලංකාවක් බිහි කිරීම යන දැක්ම පෙරදැරිව 2025 අයවැය කතාවේදී ජනාධිපතිවරයා විසින් මෙය යෝජනා කළේය.  මෙම වැඩසටහන මඟින් සංචාරක ආකර්ශනය දිනාගැනීමට බලාපොරොත්තු වන බවත් රු […]

වැලිගම සභාපති ඝාතනය ගැන සොයන්න පොලිස් කණ්ඩායම් 4ක්

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් දකුණ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත කණ්ඩායම් 4ක් මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර තිබේ. කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී, එෆ්. යූ. වුට්ලර් මහතා මේ බව පැවසීය. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් වෙඩිතැබීම සිදුකර ඇති […]