කොළඹ නගරයේ Parking අද සිට නොමිලේ

පවත්නා අර්බුදකාරී තත්ත්වය සැලකිල්ලට ගනිමින්, කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුළ පිහිටි රථ ගාල්වල වාහන නවතා තැබීමේ ගාස්තු අය කිරීම අද (18) සිට ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නතර කිරීමට පියවර ගෙන තිබේ.

කොළඹ නියෝජ්‍ය නගරාධිපති හේමන්ත වීරකෝන් මහතා සඳහන් කළේ, මහජනතාව මුහුණ දී ඇති දුෂ්කරතා මෙන්ම වත්මන් තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින් නගර සභාව මෙම තීරණයට එළැඹි බවයි.

ඒ අනුව, අද දින සිට නැවත දැනුම් දෙන තුරු කොළඹ නගර සභාවට අයත් කිසිදු රථගාලක වාහන ගාස්තු අය නොකෙරෙනු ඇත. 

එම තීරණය පිළිබඳව අදාළ අංශ දැනුවත් කර ඇති අතර, මහජනතාවට සහනයක් සැලසීම මෙහි ප්‍රධාන අරමුණ බව ද නියෝජ්‍ය නගරාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *