උපායමාර්ගික සංවර්ධනය පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාව මෙහෙයවීමේදී විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් ගේ හැසිරීම සම්බන්ධව සමාජ මාධ්‍ය ඇතුළු විචාරකයන් බොහෝදෙනෙකු ගේ ප්‍රසාදය හිමිව තිබේ.
ඔවුන් සංසන්දනාත්මකව පෙන්වා දෙන්නේ, කෝප් කමිටුවට නිලධාරින් සහ වගකිවයුතු පාර්ශ්ව කැඳවූ අවස්ථාවන් බොහෝ විට එම පාර්ශ්වයන් ප්‍රසිද්ධියේ අපහාසයට ලක්වන සහ ඔවුන් දූෂිතයන් වැනි හැඟීමක් දනවන ලෙස ,බොහෝ විට පූර්ව නිගමන මත පිහිටා කටයුතු කරන බවක් දිගින් දිගටම ප්‍රදර්ශනය වූ බවයි.
එහිදී තෝරාගත් ආයතන, නියෝජිතයන් ඉලක්කකර අතිශයින්ම හානිකර ලෙස අවම වශයෙන් එකී පාර්ශ්වයන්ට නිදහසේ කරුණු දැක්වීමේ අවස්ථාව පවා අහිමිකළ බවද ප්‍රදර්ශනය වූ බව ඔවුන් පෙන්වාදෙයි.
ඒ බව පසුගිය දිනවල වඩාත් තහවුරු වූ අවස්ථාව ලෙස ලංකා විදුලිබල මණ්ඩලය සහ ඒ සමඟ ව්‍යාපාරික සබඳතා පවත්වන LTL සමාගම කෝප් කමිටුව වෙත කැඳවීම කෙරෙහි විචාරකයන් අවදානය යොමුකරයි.
එහිදි නිරීක්ෂණය වූයේ “පරම පිවිතුරු විදුලිබල මණ්ඩලය සහ දූෂිත LTL සමාගමක්, ඔවුන් ජාතික අපරාධයක නියමුවන් වැනි ඉතාම පහත්, ග්‍රාම්‍ය පණිවිඩයක් ජනගත කිරීමට කෝප් කමිටුවේ සභාපති ප්‍රමුඛ කෝප් කමිටු සාමාජිකයන් පිරිසක් උත්සාහ දැරීම බවද විචාරක මතය වී තිබේ.
ඔවුන් පවසන්නේ තවදුරටත් ” කයිවාරුවෙන්”පමණක් මිනිසුන්, ආයතන සම්බන්ධව තීන්දු දෙන, විටෙක අධිකරණයක් මෙන් ප්‍රදර්ශනය වන, නමුත් ඒවා මාධ්‍ය සංදර්ශන ලෙස පමණක් අවසන් වන ස්වභාවයක් වෙනුවට, උපායමාර්ගික සංවර්ධනය පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාව මෙහෙයවීමේදී එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් ඉතා සංයමයකින් යුතුව කටයුතු කළ බවයි.
එහිදි අවශ්‍ය ප්‍රශ්නය නිශ්චිතවම ඇසීම, අවශ්‍ය තොරතුරු නිරවුල්ව ගැනීම මෙන්ම අධිකරණයේ කටයුතු අධිකරණය ඔස්සේත්, ව්‍යවස්ථාදායකයේ වගකීම අදාළ කමිටු ඔස්සේත් ඉදිරියට ගෙනයා හැකි ආකාරයට ආදර්ශයක් වූ බවයි.
මේ සම්බන්ධව සැකයක් ඇති ඕනෑම අයෙකු සිදුකළ යුතුව තිබෙන්නේ ඉහත ආසන්නතම විදුලිබල මණ්ඩලය සහ LTL සමාගමෙ නියෝජිතයන් කැඳවීමට අදාළ කෝප් කමිටු සම්පූර්ණ වීඩියෝව සහ උපායමාර්ගික සංවර්ධනය පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභවේ වීඩියෝව නැරඹීම බවද විචාරකයන් පෙන්වාදෙයි.
අදාළ කමිටු දූෂණය පිටුදැකීම, රාජ්‍ය මූල්‍ය විනිවිදභාවය සම්බන්ධව වගකීමෙන් යුතුව හැසිරීම වැදගත් වන තරමටම දැනටමත් ක්‍රියාත්මක ආයතන අකාර්යක්ෂම නොකිරීමට, ඒවායේ ඵලදායීතාව බිඳ නොවට්ටමින් වගකීම් සහගතව කටයුතු කිරීමේ අවශ්‍යතාව ප්‍රමුඛ බවද විචාරක මතය වී තිබේ.
එසේම රාජ්‍ය ආයතන, රාජ්‍ය ව්‍යවසාය , ඒවායේ සීමා, රාජ්‍ය – පෞද්ගලිකව ව්‍යවසාය ඒවායේ අරමුණ, පෞද්ගලික ව්‍යවසාය සහ ඒවා රාජ්‍ය අංශය සමඟ ගනුදෙනු කරන විට ඒ ආශ්‍රිත ක්‍රියාවලියේ විවිධත්වය කෙරෙහි බැලිය යුතු වන්නේ වත්මන් වෙළෙඳපොළ සාධක සමඟ මිස තම තමන්ගේ ඔලුගෙඩි වල ඇති මනෝරාජික ආර්ථික ක්‍රම වල අවශේෂ සමඟ නොවන බවද විචාරකයන් අවධාරණය කරයි



