කෝපායි පොලීසිය තාවකාලිකව ඉවතට

කෝපායි පොලිස් ස්ථානය තාවකාලිකව එම ස්ථානයෙන් ඉවත් කර ඇති බව වාර්තා වේ.

ඒ, යාපනය දිසා අධිකරණය විසින් ලබා දුන් නියෝගයකට අනුවයි.

මෙම පොලිස් ස්ථානය පවත්වාගෙන ගොස් ඇත්තේ සිවිල් වැසියන් අට දෙනෙකුට අයත් නිවාස අටක වන අතර, ඉන් නිවාස හතක් නැවත එම පුද්ගලයන්ට භාර දෙන ලෙස අධිකරණය නියෝග කර තිබුණි.

ඒ අනුව, අද ( 15) දිනයේදී පිස්කල්වරයා විසින් එම නිවාස හිමිකරුවන්ට නිල වශයෙන් භාර දී ඇති බව පොලිසිය සඳහන් කළේය.

එසේම කෝපායි පොලිස් ස්ථානය තාවකාලිකව ඉවත් කිරීමත් සමඟ, අදාළ ප්‍රදේශයේ පදිංචිකරුවන්ගේ පැමිණිලි භාරගැනීම තාවකාලිකව යාපනය පොලිස් ස්ථානය මගින් සිදු කිරීමට නියමිතය.

මේ අතර, ආරක්ෂක හේතූන් මත කෝපායි පොලිස් ස්ථානයේ තිබූ අවි ගබඩාවද මේ වන විට යාපනය පොලිස් ස්ථානයට ගෙන ගොස් තිබේ.

උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ, තවත් මාස දෙකක පමණ කාලයකින් පසු කෝපායි පොලිස් ස්ථානය නැවත වෙනත් ස්ථානයක ස්ථාපිත කිරීමට කටයුතු කරන බවයි.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *