ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අදාළව නීතිඥවරියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ගණේමුල්ල සංජීව ඝාතනය සඳහා පැමිණි ඉෂාරා සෙව්වන්දිට පිස්තෝලය සැඟවා රැගෙන ඒම සඳහා දණ්ඩ නීති සංග්‍රහයේ පිටපතක් ලබා දී ඇත්තේ මෙම නීතීඥවරිය බව සඳහන්ය.
මෙම නීතීඥවරිය ඊයේ (28) රාත්‍රී කඩවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය පෙබරවාරි 19 වන දින නඩු කටයුත්තක් සදහා අලුත්කඩේ අධිකරණය වෙත බන්ධනාගාර නිළධාරීන් විසින් රැගෙන ආ ගනේමුල්ල සංජීව එම අධිකරණ සංකීර්ණය තුළ දී වෙඩි තබා ඝාතනය කෙරුණි.
සිද්ධියේ වෙඩික්කරු එදිනම ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබුව ද ගිනි අවිය අධිකරණ භූමිය තුළට රැගෙන ආ ඉෂාරා සෙව්වන්දි නැමැත්තිය අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ දැඩි පරිශ්‍රමයක් දැරුවේය.
ඇය පසුගිය 14වැනිදා නේපාලයේ රැදී සිටියදී අත්අඩංගුවට ගැනීමට පියවර ගත්තේය.
මෙම ඝාතනය සම්බන්ධයෙන් ඉෂාරා සෙව්වන්දිට පලා යාම සඳහා ආධාර අනුබල දුන් කිහිපදෙනෙක් ද මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ.



