ග්‍රාම නිලධාරීන්ගෙන් ආණ්ඩුවට රතු එළියක්

එළැඹෙන අයවැයෙන් තම දීමනා නොලැබෙන්නේ නම් දීප ව්‍යාප්ත වැඩවර්ජනයකට යන බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමය පවසයි.

අද (08) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ ප්‍රධාන ලේකම් ජගත් චන්ද්‍රලාල් මහතා ඒ බව සඳහන් කළේය.

ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාව සංශෝධන සහිතව සම්මත කරදීමට කටයුතු කරන බව පසුගිය අයවැයේදී අමාත්‍යවරයා පැවසූ නමුත් අද එය බොරු පොරොන්දුවක් බවට පත්වී තිබෙන බවද ලේකම්වරයා පෙන්වා දෙයි.

“අපේ සේවා ව්‍යවස්ථාව සංශෝධන සහිතව සම්මතකර දෙනවා කියලා ඇමතිවරයා කිව්වේ ගිය අයවැය විවාදයේදී. මැයි 01 වෙනිදා වෙනකොට ගැසට් කරලා අපිට සේවා ව්‍යවස්ථාව ලබාදෙනවා කිව්වා. අදට ඒක බොරු පොරොන්දුවක් වෙලා තියෙනවා. අපි කියනවා මේ රජයට මේ සේවා ව්‍යවස්ථාව ග්‍රාම නිලධාරී සන්ධානයේ සංශෝධනය ඇතුව වහාම ගැසට් කරලා අපට බලාත්මක කරලා දෙන්න. එහෙම නැත්නම් අපිට සිදුවෙනවා මේ රජයට විරුද්ධව පාරට බහින්න. ඒ වගේම ඉන්ධන ලීටර 20ක කෝටා එක පසුගිය අයවැයෙන් කැපුවා. ඒක මේ අයවැයේදී ලැබුණේ නැත්නම් අපි ඒකාබද්ධ සන්ධානයක් වශයෙන් අපි අද තීරණයක් ගත්තා ඉදිරි අයවැයෙන් මේ ප්‍රතිපාදන අපිට ලැබුණේ නැත්නම් අපි දීප ව්‍යාප්ත වැඩවර්ජනයකට යනවා.” 

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *