ග්‍රෙගරි වැවේ ගුවන් අනතුරක්

නුවරඑළිය, ග්‍රෙගරිවැවේ ගොඩබැස්වීමට සුදානම් වූ සී ප්ලේන් එකක් අද (07) දින දහවල් 12.30ට පමණ කඩා වැටී තිබේ.

අද දෙරණ වාර්තාකරු පැවසුවේ ගුවන් යානය කඩා වැටීමෙන් එහි සිටි ගුවන් නියමුවන් දෙදෙනා තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කළ බවය.

ගුවන් යානයේ නුවරඑළියට පැමිණ සිටින සංචාරකයින් පිරිසක් රැගෙන යෑමට පැමිණි අවස්ථාවේ දී මෙලෙසෙ අනතුරට ලක්ව ඇතැයි පොලීසිය පැවසීය.

ගුවන් යානයේ සිටි ගුවන් නියමුවන් දෙදෙනා ජලාශයේ බෝට්ටු සංචාරයේ යෙදෙන පිරිස් විසින් මුදාගෙන තිබුණි.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *