තමන්ට පහර දී ඇති බවත්, ඒ හේතුවෙන් තමන් රෝහල් ගතව සිටින බවත් පවසමින් පක්ෂ කාර්යාලය කේන්ද්‍ර කරගෙන පැතිර යන ප්‍රචාරයන් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා.
අන්තර්ජාල නාලිකාවක පැවති වැඩසටහනකදී ඔහු සඳහන් කළේ, මෙම අසත්‍ය පුවත් පතුරුවන පිරිස් දේශපාලනිකව අවතැන් වූ බංකොලොත් මානසික ලෙඩ්ඩු පිරිසක් බවයි.
කිසියම් පිරිසක් රාත්‍රියට දකින හීන, උදෑසන සටහන් ලෙස සමාජ මාධ්‍ය හරහා පළ කරන බව ඔහු එහිදි කියා සිටියා.
වැඩසටහන අතරතුරදී ඔහු කියා සිටියේ, මේ වන විටත් තමන් හොඳින් සිටින බවත් සාමාන්‍යයෙන් පුවතක් වාර්තා කිරීමේදී මාධ්‍ය සදාචාරයක් පැවතිය යුතු අතර, මෙවැනි සිදුවීමක් පිළිබඳ තොරතුරු ලද විගස තමාගෙන් හෝ පක්ෂයෙන් ඒ පිළිබඳව විමසා කරුණු තහවුරු කරගත යුතු බවයි.
නමුත් එවැනි කිසිදු සොයා බැලීමකින් තොරව අසත්‍ය ප්‍රචාර පතුරුවමින් සිටින බව පැවසූ ටිල්වින් සිල්වා මහතා, මෙය හුදෙක් බිය නිසා සිදු කරන්නක් නොව, දුෂ්ට චේතනාවෙන් සිදු කරන ක්‍රියාවක් බව සඳහන් කළා.
එමෙන්ම පොදුජන පෙරමුණෙහි සිටි කණ්ඩායම් සහ මිලින්ද රාජපක්ෂ වැනි අය ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වමින් මේ සම්බන්ධව දක්වන අදහස් හාස්‍යයට කරුණක් බව ලේකම්වරයා පැවසුවා.
“මිලින්ද රාජපක්ෂලා කිසිවක් දන්නේ නැතිව ප්‍රවෘත්ති සාකච්ඡා තියනවා. මේක හරියට අහස කඩා වැටෙනවා කියලා හාවා දුවපු කතාව වගේ එකක්. මෙවැනි පච ප්‍රචාර පතුරුවා ඒවා බොරු බව ජනතාවට වැටහෙන විට අවසානයේ බංකොලොත් වන්නේ ඔවුන්මයි. එවැනි අයට කවදාවත් ආණ්ඩු කරන්න ලැබෙන්නේ නෑ, මොකද මිනිස්සු ඔවුන්ව ප්‍රතික්ෂේප කරනවා.”
මේ අතර පසුගිය කාලය පුරා පැලවත්තෙන් තමයි තීන්දු තීරණ ගන්නේ” යනුවෙන් විපක්ෂය ගෙනයන ප්‍රචාරය ඔවුන්ටම අවාසිදායක වී ඇති බව ඔහු පෙන්වාදෙනවා.
එමඟින් පැලවත්ත යනු දැවැන්ත දේශපාලන බලයක් සහිත ස්ථානයක් බව ජනතාවට තහවුරු වන බව ටිල්වින් සිල්වා මහතා සඳහන් කළා.
පසුගිය මැයි දිනයේදී දිස්ත්‍රික්ක 21ක එකවර රැස්වීම් පවත්වා ජනතා විමුක්ති පෙරමුණ ලෝක වාර්තාවක් තැබූ බව සිහිපත් කළ ටිල්වින් සිල්වා මහතා කියා සිටියේ, පාරට බැස ආණ්ඩු පෙරළීමට කතා කළ අයට දැන් සැබෑ ජනවරම ඇත්තේ කොතැනද යන්න පැහැදිලි වී ඇති බවයි.



